මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රික්කය තුළ මහදවාලේ දෙනෝදාහක් බලා සිටියදී පොලිස් ආරක්ෂාව යටතේ සිදු කරන නිධන් හෑරීම්,ඉතිහාසගත ස්ථාන විනාශ කිරීම් පිළිබඳව අප වාර්තා කිහිපයක්ම ඉදිරිපත් කරන ලදි.
එම වාර්තාවලින් අප පෙන්වා දුන්නේ සමහර ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරින්ගේ සහ පොලිස් ස්ථානාධිපතිවරුන්ගේ උදවි උපකාර සහ ආරක්ෂාව යටතේ මෙසේ නිධන් ගන්නා බවයි.
එවැනි එක් ස්ථානයක් වන මහනුවර දෝතුරුගල කන්දේ පැරණි ගල්දොරකින් වසා තිබු ස්ථානය නිධන් හොරුන් විසින් විනාශ කරන බව අප වාර්තා කළ නමුත් තෙල්දෙණියේ SSP ,ASP හෝ උදුඩුම්බර පොලිස් ස්ථානාධිපතිවරයා ඒවාට විරුද්ධව ගත යුතු කිසිම ක්‍රියාමාර්ගයක් නොගැනීම හේතුවෙන් මධ්‍යම පළාත් වර්තමාන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතා මැදිහත්ව විශේෂ කාර්ය බලකාය සමග මෙහෙයුමක් දියත් කරන ලදි. නමුත් ඉන් කිසිදු පළක් නොවුණි.
කෙසේ නමුත් වර්තමානයේ එයට විරුද්ධව කල හැකි බොහෝ දේවල් තිබේ.මෙම ස්ථානය වැනසූ පුද්ගලයන් සතුව ගිනි අවි තිබෙන බවට වාර්තා වී තිබුණි.මේ පිළිබඳව පුලුල් පරීක්ෂණයක් ආරම්භ කරමින් ලලිත් පතිනායක මහතා නීත්‍යානුකූල පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.ඒ පිළිබඳව සියලු තොරතුරු අප ලබාගෙන තිබුණත් ඒවා පළකිරීමෙන් පරීක්ෂණ වලට බාධා සිදු වන බැවින් සිදුවන දේ පිලිබදව අපගේ කණ්ඩායම් අවධානයෙන් පසු වේ.
මේ අනුව මෙම පරික්ෂණයෙන් මෙම පැරණි ස්ථානය වැනසූ පුද්ගලයන්, ඔවුන් සමග සබඳතා පැවැත්වූ පුද්ගලයන්, සොයා ගැනීමට හැකිවන අතර ඒ වෙනුවෙන් වෙනමම පුලුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ.
කෙසේ නමුත් මෙම නිධන් හෑරීම් , පැරණි ගල් දොර විනාශ කිරීම සිදු වන්නේ ලලිත් පතිනායක මහතා පැමිණීමට පෙර වන අතර ඊට පෙර සිටි නියෝජ්‍ය පොලිස්පතිවරයාද විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර මෙම පුද්ගලයන්ව අත්අඩංගුවට ගැනීමට සියලු කටයුතු සකස් කර තිබුණි .නමුත් ඔහුට ස්ථාන මාරු වී යාමට සිදු විය. ඒ අතර කාලය තුළ මෙම සිදු වීම සිදු විය.
කළ යුතු දේ නොකිරීම නිසා පළාතේ නියෝජ්‍ය පොලිස්පතිවරුන් ලෙස සිටි සහ සිටින පුද්ගලයන්ට සෘජුවම මෙය කිරීමට සිදුවීම පිළිබදව මහනුවර තෙල්දෙණියේ SSPට , ASP ට හා ස්ථානාධිපතිවරුන්ට තම බලවත් අප්‍රසාදය පළ කරයි. ඒ ප්‍රදේශයේ මහජනතාවයි.
මේ පිළිබඳව අප මීට පෙර වාර්තා කළ පුවත පහතින්,















































