මැඩගස්කරයේ සිට මෙරටට පිටුවහල් කිරීමට නියමිත නදුන් චින්තක නොහොත්” හරක් කටා ” ගේ පියා විසින් මානව හිමිකම් කොමිසමට පෙරේදා (13) පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත
. ඒ පැමිණිලි අංක HRC / HO / 1122 / 23 යටතේයි.
” හරක් කටා ” ගේ පියා විසින් මානව හිමිකම් කොමිසමට මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත්තේ තමන්ගේ පුත්‍රයා මාකදුරේ මදූෂ් , කොස්ගොඩ තාරක ආදීන් මෙන් සාධාරණ නඩු විභාගයකින් තොරව අත්අඩංගුවේ පසුවන බවත් තමන්ගේ පුත්‍රයා ඝාතනය වීමේ අවධානමක පවතින බවත් යැයි ප්‍රකාශ කරමිනි . එමෙන්ම එකී පැමිණිල්ල මගින් තම පුත්‍රයාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් මැදිහත් වන ලෙසට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කර ඇත.
අපරාධකරුවන්ටද යුක්තිය ඉෂ්ට විය යුත්තේ නීත්‍යානුකූල මාර්ගවලින් විනා නීති විරෝධී මාර්ග වලින් නොවේ . මීට පෙරද ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ විසින් නීති විරෝධී ආකාරයෙන් මරා දමන ලදී.එයින් මෑතකදී කැළඹීමට ලක් වූ පුවත වූයේ මාකදුරේ මදූෂ් මරා දැමීමය. එසේ මරා දැමිම තුළින් අපරාධකරුවන් බිහි නොවණු ඇති බවට ඔවුන් උපකල්පනය කරන්නේ ද නැතහොත් එසේ මරා දැමිමෙන් අපරධකරුවන්ට උදව් උපකාර කළ මැති ඇමතිවරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් කවුරුන්ද යන්න අනාවරණය වීම වැලැක්වීමද යන්න පැහැදිලි නැත.
කෙසේ නමුත් ශ්‍රී ලංකා පොලීසිය කළ යුතුව තිබෙන්නේ අපරධකරුවන් බිහි කිරීමට උදව් උපකාර කරන රාජ්‍ය නිලධාරීන් සහ දේශපාලකයින් කවුරුන්ද යන්න සොයා බලා නීතියෙන් ක්‍රියාත්ම්ක කිරීමයි.ඒ හැර අපරධකරුවන් මරා දැමීම තවත් සමාජ අපරාධයක් බවට පත් වන්නේ ඔවුන් නිර්මාණය කළ සමජ අපරාධකරුවන් නිදැල්ලේ සිටීමය. අපරාධකරුවා මරා දැමූවත් ඔවුන්ව නිර්මණය කළ අපරාධකරුවන් සමාජය තුළ සැගව සිටීම ඊටත් වඩා භයංකාරය. එබැවින් ” හරක් කටා ” නොහොත් නදුන් චින්තක ඇතුළු අයටද නීතිය ක්‍රියාත්මක විය යුත්තේ නිත්‍යනුකූල මාර්ග වලින් වන අතර ඔවුන්ට උදව් උපකාර කරමින් ඔවුන් දැවැන්ත අපරාධකරුවන් බවට නිර්මාණය කළ දේශපාලකයන් සහ ආරක්ෂක අංශ නිලධාරීන් කවුරුන්ද යන්න සමාජයට අනාවරණය කළ යුතුය .
” හරක් කටා ” මරා දැමීමට සැලසුම් කර තිබෙන බව මීට පෙරද අප පුවතක් මගින් අනාවරණය කර තිබේ . එම පුවත පහතින් .














































