English
සිංහල
15:51 අඟහරුවාදා, අප්‍රේල් 28, 2026
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    මාධ්‍යවේදීන්⁣ට විස්කි පොවා, ලංකාවේ යුද්ධ හමුදාපති රටේ ජනතාවට බොරු කියලා!

    NN. Niluka by NN. Niluka
    වසර 2ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    යුද්ධය අවසන් වීමෙන් පසු සටන් බිමට ගිය යුද පුවත් වාර්තාකරුවෝද තිරයෙන් බැස ගියෝය.එසේ තිරයෙන් බැස ගිය බොහෝමයක් යුද හමුදාවට වඩා යුද හමුදාව ගැන දන්නා වෘත්තීය පුවත්පත්කලාවේදින් පිරිසක් බව කීම අතිශෝක්තියක් නොවෙි. ඒ දවස යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකට පෙර මෙහෙයුම්වල තොරතුරු හරියට කීමට තරම් ඉහළ පෙලේ සබඳතා ඔවුන්ට තිබුණි. යුද හමුදාවේ නිල ඇඳුම දෙස බලා ඔහුගේ නිලය. දිනා ඇති පදක්කම්. රෙජිමේන්තුව ,හදාරා ඇති පාඨමාලා කීමට තරම් යුද හමුදාව ගැන ඔවුන්ගේ දැණුම උසස් මට්ටමක තිබිණ

    එනමුත් දැන් මාධ්‍ය කේෂ්ත්‍රයේ වී ඇත්තේ ලූලා නැති තැන කණයන් පණ්ඩිතයන් වන යුගයක් බැවින් බොරදියේ මාළු බෑමට යුද හමුදා මාධ්‍ය අධ්‍යක්ෂ මණ්ඩලය හැකි වීම ලංකාවේ ජනමාධ්‍ය කේෂ්ත්‍රය ගමන් කරන දිශාන්තිය වටහා ගත හැකිය. හමුදාව හැදැරූ වෘත්තිය පුවත් පත් කලාවේදීන් වෙනුවට යුද හමුදා මාධ්‍ය අංශයේ කුලී ලියන්නන්ගේ අතිශෝක්තියට හා අසත්‍යට නැගු ලිපි ජාතික පුවත්පත්වල පලවීමට කර්තෘවරුන් පෙළඹීමෙන් පැහැදිලි වන්නේ කර්තෘවරුන්ගේ සාමාන්‍ය දැනීමෙි දිග පළලය.

    පුවත්කලාවේදියා කාඩ් කූට්ටමේ අසියා හෝ එක නොවිය යුතු මුත් බුරුවා විය යුතු බව සංස්කරණ වැඩ වලදී උගන්වන්නේ සෑම විෂයක් ගැන ඔහුට සාමාන්‍ය අවබෝධය තිබිය යුතු බව පෙන්වා දෙන්නටය. ඒත් දැන් පත්තර වල සිටින්නේ කාඩ් කූට්ටමේ බුරුවා නොව පුත්තලම් බූරැවන් බවට හොඳම නිදර්ශනය වන්නේ . යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ ගේ පැරෂුට් පිම්ම පිළිබඳ ජාතික පුවත්පත්වල පල වු ලිපිය. ඒ සිද්ධිය ගැන හමුදා මාධ්‍ය අංශය කියන්නේ මෙතෙක් යුද හමුදාපතිවරයකු නොකළ දෙයක් මේ හමුදාපති කළ බවය. ඒ කතාව අදාල වන්නේ යුද හමුදාපතිගේ පැරෂුට් පිම්මට පමණක් නොවේ. මෙතෙක් සිටි කිසිදු හමුදාපතිවරයකු මේ ආකාරයට හැසිරුණේ නැත. යුද හමුදාපති මාධ්‍යවේදීන්ට දුන් විස්කි පාටියේ හැසිරුණු ආකාරය එක නිදසුනක් පමණි.

    යුද හමුදාපතිවරයාගේ පැරෂුට් පිම්මෙන් පසු ඔහු ලද ප්‍රසිද්ධය හරියට යෝෂිත රාජපක්ෂ නාවික හමුදාවේ විධායක අංශයට බැඳුණු පසු ලද ප්‍රසිද්ධියට සමානය. නාවික හමුදාවේ විධායක අංශයට බැඳීමට උසස් පෙළ ගණිත අංශයෙන් විෂයන් තුනක් සමත් විය යුතුය. එනමුත් කලා අංශයෙන් උසස් පෙළ එක විෂයක් පමණක් සමත් ඔහු නාවික හමුදාවේ විධායක අංශයට තෝරා ගැනීම ගැන නාවික හමුදා මාධ්‍ය අංශය එදා නිවේදනය කළේ මෙම බදවා ගැනීමෙන් තරුණ පරපුර නාවික හමුදාව ගැන උත්තේජනයක් ලබනු ඇති බවය. සිය කණ්ඩායමේ දක්ෂතම නිලධාරියා ලෙස ගෞරවනීය අසිපතද යෝශිතට හිමි විය. එම අසිපත දිනා ගන්නා මධ්‍ය නිලධාරියාට රාජකීය නාවික ඇකඩමියෙන් හිමි පාඨමාලාව ගියද ඔහුට සිද්ධ වුයේ හිස් අතින් එන්නටය. ඒ තාත්තා සේනාධිනායක වීම සේම වසන්ත කරන්නාගොඩ වැනි රාජපක්ෂවාදියකු යටතේ ලංකාවේදී වැඩිම ලකුණු ගැනීම එංගලන්තයට අදාල නැති නිසාය.

    දැන් යුද හමුදාපතිගේ පැරෂුට් පිම්ම ගැනද යුද හමුදාව කියන්නේ එදා නාවික හමුදාව කියූ කතාවලට වඩා හපන් කතාය . එවැනි දෙයක් මින් පෙර කී යුද හමුදාපතිවරයකු වී නම් ඒ ලුතිනන් ජෙනරාල් රොහාන් දළුවත්තය. ඔහු යුද හමුදාපතිව සිටි කල ඔහු විසින්ම තමාගේ නමට රණවික්‍රම පදක්කම නිර්දේශ කර ගත්තේය. රණ වික්‍රම පදක්කම හිමි වන්නේ යුද බිමේදි තම දිවිය නොතකා සිය සගයන්ගේ දිවිය බේරා ගැනීමට ඉදිරිපත් වන සෙබළුන්ටය. එහෙත් දළුවත්ත රණ බිමේදී සෙබළුන්ගේ දිවි බේරා ගත්තා යැයි කීම කොණ්ඩේ බැඳපු චීනුන් පවා පිළි නොගන්නා කතාවකි . මේ සිද්ධිය එදා මාධ්‍ය හමුදාපති ගෙන් ප්‍රශ්න කළේය. මේ හොර පදක්කමට එරෙහිව ලිපි ලීවේය. ඒත් දැන් යුද හමුදාපතිගේ විස්කි පාටි වලට යන මාධ්‍යවේදීන් විකුම් ලියනගේ අතිශෝක්ති කතා ප්‍රශ්න කරන්නේ නැත. යුද හමුදාපතිවරයා අඩියක් ගසමින් තානාපති සාදයකදී කියා ඇති ආකාරයට ඔහුට පැරෂුට් පැනීම ගැන අදහස පහළ වී ඇත්තේ පැරෂුට් පැනීමට යන සෙබළුන්ට අනුමැතිය දෙන ලිපියට අත්සන් කරද්දීය. යුද හමුදාපති එවැනි පිමිමක් පැනීම ගැන අතිශෝක්තියට නගමින් පත්තර වලට ලිපි යවු යුද හමුදා මාධ්‍ය අංශය ගොරකා දඩමස් කළ ද යුද හමුදාව ගැන දන්නා අය මේ මාධ්‍ය වාර්තා වලට සිනාසෙනු ඇත්තේ පිටුපසිනි.

    යුද හමුදාපති සමග කතා කරමින් මේ පුවත්පත් වාර්තා ලියු කණිටු නිලධාරියා ඇසු එක පුශ්නයක් වන්නේ මේ වන විට යුද හමුදාවේ සිටින ජ්‍යෙෂ්ඨම නිලධාරීයා විකුම් ලියනගේ බවය. යුද හමුදාපතිද එම ප්‍රශ්නයට උජාරුවෙන් උත්තර දෙමින් පුරාජේරු කතා කීවද එම වැරැදි පුශ්නය ඇසු කණිටු නිලධාරීයා නිවැරැදි නොකළේ ඇයිදැයි ප්‍රශ්නයකි. යුද හමුදාපතිත් එම ලුතිනන්වරයාත් යුද හමුදාවේ ජ්‍යෙෂ්ඨයා කවුදැයි නොදන්නේ නම් පැරෂුට් පාඨමාලාවට පෙර යුද හමුදාව ගැන යළි ඉගෙන ගැනීමට දෙන්නාම වහාම දියතලාව හමුදා විද්‍ය පිඨයට යැවිය යුතු බවට සැක නැත .

    යුද හමුදාවේ ජ්‍යෙෂ්ඨතම නිලධාරීයා කවුදැයි යන ප්‍රශ්නයට පිළිතුර යුද හමුදාපතිගේ තුටු පඬුරක් ලෙසින් නව වසරේ බෙදා දුන් යුද හමුදා දින පොතේම ඇත. එහි යුද හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ගේ නිවසේ දුරකථන අංක වන කොටස යටතේ යුද හමුදාවේ ජ්‍යෙෂ්ඨතම නිලධාරියා ලෙස අංක එකේ ඇත්තේ ජෙනරාල් එල්.එච්.එස්. සී. සිල්වාය. ඔහු වෙන කිසිවකු නොව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ජෙනරාල් ශවීන්ද සිල්වාය. එම ජ්‍යෙෂ්ඨතා ලේඛනයේ දෙකට ඇත්තේ ලුතිනන් ජෙනරාල් එච්.එල්.වී.එම්.

    ලියනගේ හෙවත් විකුම් ලියනගේගේ නමය

    යුද හමුදපති යුද හමුදාවේ පළමුවැනියා වුයේ 2009 ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි පනතට පෙරය. එතැන් සිට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ධුරයට පත්වුයේ ත්‍රිවිධ හමුදාපතිවරුන්ගෙන් එක් අයෙකි. ඔහු සක්‍රිය සේවයේ සිටින අයකු ලෙස සැලකීමට පනතේ විධිවිධාන සලසා තිබුණි .ඒ අනුව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ධුරයට පත් වු යුද හමුදාපතිවරු වු ජෙනරාල් සරත් ෆොන්සේකා ,ජෙනරාල් ජගත් ජයසූරිය. ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා සේම ජෙනරාල් ශවින්ද්‍ර සිල්වා සැලකුම් ලැබුවේ යුද හමුදාපතිට ඉහළින් එනම් යුද හමුදාවේ ජ්‍යෙෂ්ඨතම නිලධාරියා ලෙසය. .එසේ බලන විට ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ මෙන්ම ඔහුගේ කනිටු නිලධාරියා යුද හමුදාව ගැන දන්නේ නැත. එසේ නැතිනමි දැන දැනත් තමන්ට හිමි නැති ජ්‍යෙෂ්ඨත්වයක් බලෙන් ආරෝපණය කරගෙන පාඨකයන් නොමග යවා ඇත. කනගාටුදායක තත්ත්වය වන්නේ හමුදා මාධ්‍ය අංශයේ දිරාපත් ලනු ජාතික පුවත්පත් වල කර්තෘවරුද නොදැණුවතිව ගිලීමය.

    මේ සිද්ධිය පමණක් නොව යුද හමුදාපති ගේ පැරෂුට් පිම්ම වීරත්වයට නගා ඇත්තේ එවැනි දෙයක් කළ ලොව එකම හමුදාපති ඔහු බව පවසමිනි. ඒ කතාව ඇත්තය. යුද හමුදාවේ අටෝරාසියක් පරිපාලන ප්‍රශ්න තිබියදී ඒ ගැන උනන්දු නොවී පැරෂුට් පිමි පනින එකම හමුදාපති ඔහුය.

    ඒ කතා කෙසේ වුවත් යුද හමුදාවේ ඔයට වඩා හපන්කමක් කළ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු යුද හමුදාවේ සිටියේය. ඔහු පැන්නේ විකුම් ලියනගේ මෙන් සිල්ලර පිම්මක් නොවේ.ඉතිහාස ගතවන පිම්මකි . අදහාගත නොහැකි කතාව වන්නේ එම විස්මිත පිම්ම පිනූ ගජබා රෙජිමේන්තුවේ සිය ජ්‍යේෂ්ට නිලධාරියා ගැන විකුම් ලියනගේ ට අමතක විමය. යුද හමුදා මාධ්‍ය අංශයටද අමතක වීමය. මේ නිලධාරීයා ඉතිහාසයට එක් වන්නේ පැරෂුටයක ආධාරයෙන් වැඩිම උසකින් පිනූ ජ්‍යෙෂ්ඨතම නිලධාරියා ලෙසය. එමතු නොව ගොඩනැගිල්ලක ඉහල සිටි පැරෂුටයකින් පනින බිහිසුණු හා අවදානම් පිම්ම පිනූ තරු දෙකේ එකම ජෙනරාල් වරයාද ඔහුය. මේ පිම්ම පනින විට ඔහු මේජර් ජෙනරාල්වරයකි. වැඩිම උසකින් පනින විට යුද හමුදාවේ තෙවැනියා නොහොත් නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානියාය. ඔහු වෙන කවරෙකු නොව සිව් වැනි ඊලාම් යුද්ධයයේදී විශේෂ බළකා බළසේනාධිපති වු ,මේජර් ජෙනරාල් නිර්මාල් ධර්මරත්තය. ඔහු වසර කිපයකට පෙර නිදහස් උළෙලේදී මේ බිහිසුණු පිම්ම පැන වාර්තාවක් තැබුවේ ගාලු මුවදොර ශැංග්‍රීලා හෝටලයේ පියැස්සේ සිටය.

    දෛවයේ සරදමකට මෙන් මෙවර නිදහස් උළෙලේ පැරෂුට් පුහුණුවීම් කරමින් සිටියදි වු අනතුරකින් ගුවන් සෙබළු වැටුණේද ශැංග්‍රීලා හෝටලය මතටය. මින් පෙරද පැරෂුට් අනතුරු වී ඇතිමුත් මේ ආකරයට සෙබළු හතරදෙනෙක් තුවාල ලැබුවේ මුල් වරටය අගය කළ යුතු පැරෂුට් පිමි තිබියදී .ඇස්පනා පිට ඇති සත්‍යය දූෂණය වන බැවින් ගාලු මුවදොර හරහා හමන සුළඟද මේ සරදම් කළේ නිර්මාල් ධර්මරත්තට කළ අසාධාරණයේ පළිය ගන්නද. (sathiya.lk)

    Tags: ගවේෂණාත්මක පුවත්ප්‍රමුක පුවත
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    ප්‍රජා

    අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.

    මාර්තු 20, 2024
    පොලිසිය

    දකුණේ පාතාලය මඩින්න පොලිස්පතිගෙන් විශේෂ සැලසුමක් .

    මාර්තු 14, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 14 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 14, 2024
    කාලගුණ

    යළිත් පාසල්වලට දැනුම්දීමක් .

    මාර්තු 13, 2024
    ප්‍රජා

    මහා හඩ පෞරුෂය සදහටම නිහඬ වෙයි.

    මාර්තු 13, 2024
    විශේෂ පුවත්

    තැපෑලේ වැඩවර්ජනය ගැන පරීක්ෂණයක්.

    මාර්තු 13, 2024
    ජනතා ඉල්ලීම් සහ ප්‍රශ්න

    සරසවි අනධ්‍යයන සේවකයින් වැඩවර්ජනයක.

    මාර්තු 13, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 13 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 13, 2024
    පාසල්

    සියලුම පාසල් වෙත විශේෂ දැනුම්දීමක් .

    මාර්තු 12, 2024
    විශේෂ පුවත්

    ග්‍රාම නිලධාරී සම්මුඛ පරීක්ෂණයට දින නියම වෙයි.

    මාර්තු 12, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version