ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කර ඇත්තේ ප්‍රධාන පුවත් පත් කිහිපයක කතුවරුන් ඇතුළු මාධ්‍යවේදීන් පිරිසක් සුදු ලූණු වංචාව සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා රහස් පොලිසියට ගෙන්වීමට කටයුතු කර ඇති අතර මේ පිළිබදව තමන් බලවත් සේ කණගාටු වන බවත් මාධ්‍යවේදීන් මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගෙන්වීමට කටයුතු නොකරන ලෙසත් අගමැතිවරයා විසින් මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය සරත් වීරසේකර මහතාට ද උපදෙස් ලබා දී ඇති බවයි.
සතොස ආයතනයේ සිදුවූ සුදු ලූණු වංචාව සම්බන්ධයෙන් වාර්තා කරන ලද මාධ්‍යවේදීන් කිහිපදෙනෙකු මෙන් ම ඒ සම්බන්ධයෙන් කතුවැකි ලියූ ලංකාදීප කර්තෘ සිරි රණසිංහ මහතා, ද අයිලන්ඩ් ප්‍රවෘත්ති කර්තෘ ෂමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩු මහතා වැනි ජ්‍යෂ්ඨයන් පවා මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ගෙන්වා ඇති බව තමන් ද දැනුවත් වූ බව ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින් පවසා ඇති අතර ඔහු වැඩිදුරටත් අවධාරණය කර ඇත්තේ එය කිසිසේත් සිදු නොවිය යුතු තත්ත්වයක් බවයි.















































