මෙම වසරේ ගතවී ඇති මාස 8ක පමණ කාලය තුළ දිවයින පුරා ඩෙංගු රෝගීන් 61225 ක් වාර්තා වී ඇතැයි වසංගත රෝග විද්‍යා ඒකකය ප්‍රකාශ කර තිබේ.
ඒ අනුව එම කාලය තුළ ඩෙංගු රෝගය ආසාදනය වීමෙන් මරණ 38 ක් වාර්තා වී ඇති බව එම ඒකකය සදහන් කර තිබේ.
වසංගත රෝග විද්‍යා ඒකකය වාර්තා කර තිබෙන්නේ වැඩිම ඩෙංගු රෝගීන් ප්‍රමාණය වන රෝගීන් 9916ක් ජුනි මාසයේ ද , මැයි මාසයේ 9696ක්, ජනවාරි මාසයේ 8963ක්, අප්‍රේල් මාසයේ 7617ක් ජුලි මාසයේ 7369ක් හා අගෝස්තු මාසයේ මේවන විට 4536ක් වශයෙන් වාර්තාවී ඇති බවයි.
එම කාලය තුළ වැඩිම ඩෙංගු රෝගීන් ප්‍රමාණයක් කොළඹ , ගම්පහ, කළුතර දිස්ත්‍රීක්ක වලින් වාර්තා වී ඇති බවත් , එය පිලිවෙලින් 13053, 12963, 3949ක් බවත් වසංගත රෝග විද්‍යා ඒකකය ප්‍රකාශ කර තිබේ .














































