මිනිසුන්ගෙන් මුදල් ලබාගනිමින් තායිලන්තයේ රැකියා ලබාදෙන පවසා සංචාරක වීසා මත ලාඕසය වෙත යවා මිනිසුන් අතරමන් කෙරු ජාවාරම්කරුවකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තාවේ.
සැකකරු අම්බලන්තොට වැලිපටන්විල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු බව සදහන් වේ.
මෙම වැටලීම සිදු කරන අවස්ථාවේ සැකකරුවන් දෙදෙනකු සිට ඇති අතර අනෙක් පුද්ගලයා පැන ගොස් ඇති බවත් ඔහු මෙවර පළාත් පාලන මැතිවරණය සදහා ප්‍රධාන පක්ෂයක අපේක්ෂකයෙක් බව සදහන් වේ.
අත්අඩංගුවට පත් සැකකරු හම්බන්තොට මහේස්ත්‍රාත් අදිකරණය මගින් 20 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර කර ඇති අතර සැකකරු හට ලාඕසයේ අතරමන් කර දමා සිටින මිනිසුන් ලංකාවට නැවත ගෙන්වන ලෙස අධිකරණය මගින් නියෝග කර සිට ඇති බව සදහන් වේ.














































