මිරිහාන ප්‍රදේශයේ ඊයේ (31) පැවති විරෝධතාවයෙන් අනතුරුව කාන්තාවක ඇතුලු පුද්ගලයින් 45 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව කියා සිටියේ, සහකාර පොලිස් අධිකාරීවරයෙකු ඇතුළු පොලිස් නිලධාරීන් 5 දෙනෙකු සිද්ධියෙන් තුවාල ලබා රෝහල්ගත කර ඇති බවයි.
පොලිසියට අයත් බස් රථයක්, ජීප් රථයක්, යතුරුපැදි දෙකක් සහ ජල ප්‍රහාරක රථයකට ද මෙහි දී හානි සිදු වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් වැඩිදුරටත් සඳහන් කරන ලදී.
මේ අතර ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, ඊයේ මෙලෙස විරෝධතාවයේ නිරත වූ පිරිස අතර සිටි සංවිධානාත්මක අන්තවාදීන් පිරිසක් කළහකාරී ලෙස හැසිරෙමින් ප්‍රචන්ඩකාරී තත්ත්යක් ඇති කළේ යැයි අනාවරණ වී ඇති බවයි. ඔවුන්ගෙන් බහුතරයක් අත්අඩංගුවට ගෙන ඇති බව ද එමඟින් සඳහන් කළා.













































