2022 ජුනි මස රියදුරු උපදේශකයින් හා සහකාර රියදුරු උපදේශකයින් ලියාපදිංචි කිරීම සඳහා වන ලිඛිත විභාගය පැවැත්වීමට නියමිත බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ ඒ සඳහා විභාග කොමසාරිස් ජනරාල්වරයා විසින් සුදුසුකම් ඇති ශ්‍රී ලාංකික පුරවැසියන්ගෙන් 2022.03.15 දින දක්වා අයදුම්පත් භාරගනු ලැබේ.
එම විභාගය 2022.01.28 දිනැති 2265 අංක දරන ගැසට් පත්‍රය මගින් ප්‍රසිද්ධියට පත්කර ඇත.
ඒ අනුව සුදුසුකම්ලත් අපේක්ෂකයින් මෙම ගැසට් පත්‍රයට අනුකූලව 2022.03.15 දිනට පෙර ඉල්ලුම් කරන ලෙස මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත.













































