ජනතාවට ගමන් බිමන් යන එන අතරමග දී උපත් පාලන කොපු ලබාගත හැකිවන පරිදි Condom Vending Machine සවිකිරීම යළි ආරම්භ කරන බව ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහන ප්‍රකාශ කළ බව වාර්තා වේ .
HIV ව්‍යාප්තිය වැළැක්වීම සඳහා මෙම ව්‍යාපෘතිය යළි ආරම්භ කරන බව ඒඩ්ස් මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජානකී විද්‍යාපතිරණ සඳහන් කරන ලදී .
2017 වසරේ සිට දුම්රිය ස්ථාන අසල සහ මිනිසුන් ගැවසෙන ස්ථානවල මෙම Condom Vending Machine සවිකිරීම ආරම්භ කර තිබූ නමුත් පසුගිය සමයේ පැවති ආර්ථික අර්බුද හමුවේ එම ව්‍යාපෘතිය අඩාල වී ඇති බැවින් යළි එය ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.
මෙම වර්ෂයේ මාර්තු මස සිට නොවැම්බර් මස දක්වා කාලයේ ද උපත් පාලන කොපු හිඟයක් තිබී ඇති අතර, පසුගිය සතියේ දී උපත් පාලන කොපු ලක්ෂ 20ක් ආනයනය කර ඇති බව ද වාර්තා වේ .
ඒ අනුව මේ වනවිට සායනවලට පැමිණෙන පුද්ගලයින්ට මෙම උපත් පාලන කොපු නොමිලේ ලබාදීම සිදුකරන බව සදහන් .















































