අද (01) සවස කොලොන්න ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට ඇද හැලුණු අධික වර්ෂාවෙන් රක්වාන දෙනියාය A17 මාර්ගයේ 100 කණුව හා 101 කණුව අතර කීරතැන්න යන ස්ථානයේ පස්කන්දක් සමග විශාල ගලක් මාර්ගයට කඩා වැටීම හේතුවෙන් මාර්ගය සම්පූර්ණයෙන්ම වැසී ගොස් ඇති බව වාර්තා වේ.
මෙසේ මාර්ගය අවහිර වීමෙන් දෙනියාය , රක්වාන සහ මාදම්පේ හරහා ගාල්ල දක්වා ගමන් කරන රථ වාහනවලට ගමන් කිරීමට අසීරු තත්ත්වයක් උද්ගත වී ඇති බව සදහන්.














































