ආයුර්වේද සම්භාහන ආයතනයක් පවත්වාගෙන යනබව පවසමින් රත්මලාන ප්‍රදේශයේ පවත්වාගෙන යනුලැබූ ගණිකා නිවාසයක් වටලා සැකපිට කාන්තාවන් හය දෙනකු ගල්කිස්ස පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ගල්කිස්ස පොලිසියට ලද තොරතුරක් මත එම නිලධාරීන් විසින් මෙම වැටලීම සිදු කොට ඇති බව වාර්තාවේ.
අත්අඩංගුවට ගත් සැකකාරිනියන් අනුරාධපුර, මොරටුව, මැණික්හින්න, වනාතවිල්ලුව, තඹුත්තේගම හා මොරටුව යන ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 24 හා 52 අතර පසුවන කාන්තාවන් වේ.
ගල්කිස්ස පොලිසිය විසින් වැඩිදුර විමර්ශන පවත්වනඅතර අත්අඩංගුවට ගත් සැකකාරිනියන් අද (11) දින ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.














































