ශ්‍රී ලංකාව තුල රත්තරන් මිල ඉහළ යමින් පවතින බවට දේශිය රත්තරන් ව්‍යාපාරිකයෝ අද (24) ප්‍රකාශ කළ බව වාර්තා වේ.
ඩොලරයේ අගය දෙපසට දෝලනය වෙමින් පවතින මේ දිනවල කැරට් 22 රත්තරන් පවුමක මිල රුපියල් 154,000 ත් 156,000 ත් අතර මිලක පවතින බවත් කැරට් 24 රත්තරන් පවුමක මිල රුපියල් 167,000 ත් 170,000ත් අතර මිලක පවතින බව සදහන්.
ඩොලරයේ අගය අඩු වෙමින් පැවැති පසුගිය සති දෙකකට පමණ පෙර කැරට් 22 රත්තරන් පවුමක මිල 147,000ක් ලෙසත් කැරට් 24 ක රත්තරන් පවුමක මිල රුපියල් 160,000ක් දක්වා මිල අඩු වීමක් දක්නට ලැබුණි.














































