ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් පවසා ඇත්තේ චීන අපනයන ආනයන බැංකුව විසින් ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් යොමු කරන ලද ලිපිය ඊයේ (මාර්තු 6) රාත්‍රියේ තමා හට ලැබුණු බව හා එම ලිපියට තමා විසින් අත්සන් තබා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ඉදිරිපත් කිරීමට පියවර ගත් බවත්ය.
ඒ පිලිබදව වැඩිදුරටත් අදහස් දක්වමි ජනාධිපති වරයා.
“අපිට ඊයේ රාත්‍රියේ චීන එක්සිම් බැංකුවේ නව ලිපිය ලැබුණා. එදා රාත්‍රියේ ම මමත් මහ බැංකු අධිපතිතුමත් එකඟතා ලිපිය අත්සන් කරලා දැන් IMF සංවිධානයට යවලා තිබෙන්නේ. දැන් අපේ යුතුකම් ඉටු කරලා ඉවරයි. දැන් IMF සංවිධානයේ යුතුකම් මේ මාසයේ අවසන් වෙන්න ඉස්සෙල්ල තුන්වන හෝ හතරවන සතියේ ඉටු කරයි කියලා මම බලාපොරොත්තු වෙනවා. ඒකෙන් පස්සේ මම හිතන්නේ අපිට ලෝක බැංකුව, ADB එකෙන් පළවෙනි මුදල් වටය ලැබෙන්න එනවා.”
ජනාධිපතිවරයා තව දුරටත් ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල කරා ගෙන යන අවස්ථාවේ එම ක්‍රියාවන් “කඩාකප්පල් කළහොත්” ලංකාවේ තත්ත්වය පසුගිය වසරේ පෙබරවාරි මස පැවති තත්ත්වයටත් වඩා ඉතා භායනක වනු ඇති බවත් “බොහෝ අය කල්පනා කළ වැටුප් නැති වෙයි. විශ්‍රාම වැටුප් නැති වෙයි. රැකියා නැතිවෙයි. කර්මාන්ත වැසී යාවි. පාසල් හැමදා ම වැසිලා තියේවි,” “ඒවා යම් තරමකට අපි පාලනය කර ගෙන තිබෙනවා. නමුත් සමාජයේ බලපෑම් කළ හැකි කණ්ඩායම් අප යෝජනා කර ඇති වැඩපිළිවෙළ විවිධ ක්‍රියාමාර්ග ඔස්ස්සේ කඩාකප්පල් කළහොත් එයින් මතු වන සමාජ විකල්ප අතිශයින් භයානක වේවි. මෙතෙක් අප සමාජයේ නුදුටු දුක්බර කාලයක් එයින් මතු වේවි.”
ජනාධිපති රනිල් වික්‍රමසිංහ උද්ඝෝෂණ හා විරෝධතා සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කරමින් සදහන් කලේ “අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය අපි පිළිගන්නවා ඒත් මේ උද්ඝෝෂණ මාර්ගයෙන් මේවා කඩාකප්පල් කරන්න යනවා නම්, ඒ පිළිබඳව මේ ආණ්ඩුව තදින් ක්‍රියා කරනවා කියලා මම කියන්න කැමතියි.”,” බවත් ය.
ජනාධිපතිවරයා ඉල්ලාසිට ඇත්තේ ආර්ථකයක් ගොඩගැනීම සඳහා තමන් සමග එකතු වන ලෙස විපක්ෂයටද යෝජනා කර ඇති බවයි.
“අපි ඔක්කොම අරගත්තා ම ඊළඟ ඡන්දය තීරණය කරන්න පුළුවන්. ජනාධිපතිවරණයෙන්, මහ ඡන්දයෙන් කවුද ඕන කියලා. ඒ වෙනකම් ලැස්ති ද නැද්ද කියලා මම අහන්නේ. ඔබට පුළුවන් මේක පිළිගන්න. ඔබට පුළුවන් ප්‍රතික්ෂේප කරන්න. ඒත් රට තමයි ඒක තීරණය කරන්නේ.”“ඒක තමන්ට තීරණය කරන්න වේවි. නැත්නම් වෙන විකල්පයක් අපිට දෙන්න. ඊට පස්සසේ අපි නව කෙටුම්පතක් ගේනවා ඉදිරි මාර්ගයයි ඉදිරි වැඩසටහන් ගැන ඒක ජාතික සභාවටත් දෙන්නම් පාර්ලිමේන්තුවේ, සාකච්ඡා කරලා ඒ ගැන එකඟත්වයක් ආවා ම මේක දීර්ඝ කාලීන මධ්‍යම කාලීන සැලැස්ම කියන්නම්. දැනට ම පාර්ලිමේන්තුවේ ජාතික සභාවෙනුයි කොමිටිවලින් වාර්තා ගණනාවක් ඇවිල්ල තියෙනවා. මම ඒ අයට ස්තුතිවන්ත වෙනවා. ඒත් අපිට මාස 8ක් යන කාලය තුළදී මේ වැඩ කටයුත්ත කරන්න පුළුවන් වුණා. ඒකෙන් අපි ප්‍රයෝජනය අරගෙන ඉදිරියට යමු කියලා ප්‍රකාශ කරනවා.”














































