ශ්‍රී ලාංකික ජනතාවගේ චන්දයෙන් විශේෂ බලයක් නොහොත් තුනෙන් දෙකකට ආසන්න පර්ලිම් පාර්ලිමේන්තු මන්ත්‍රී ආසන සංඛ්‍යාවක් ලබා ගනිමින් බලයට පත් වූ පොදුජන පෙරමුණ නොහොත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රජය ජනතාව සමග මෙන්ම ශ්‍රී ලංකාවේ භූමිය පාපන්දු පිටියක් බවට පත්කරමින් මහජන පැවැත්ම විනාශ කරන ලදී.
එම විනාශයේ තරම කෙසේද යත් ඔවුන් ශ්‍රී ලංකාවේ ප්‍රචණ්ඩත්වය ඇති කරමින් සමස්ත ශ්‍රී ලංකාවම ගිනි ගොඩක් බවට පරිවර්තනය කරන ලදී. රට ගොඩනැගීමේ අභියෝගය බාරගන්නා ලෙස ජනාධිපතිවරයා සියලුම දේශපාලන පක්ෂ නායකයන්ට අරාධනා කලත් ඔවුන් විවිධ කොන්දේසි ඉදිරිපත්කරමින් මග හරිම නිසා පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතාට අගමැතිදුරය බාරගන්නා ලෙස කල ඉල්ලීම පිළිගනිමින් ඔහු නව අගමැති තනතුරේ දිවුරුම් දුන්නේ මීට පැය 36 කට පෙරය.
ඒත් සමගම ප්‍රතිවිරුද්ධ දේශපාලන පක්ෂ ඔහුට විරුද්ධ වීම මේ වන විටත් ආරම්භ වී තිබෙන අතර නීතිවේදී නගානාන්ද කොඩිතුවක්කු මහතා විසින් එය නීතිවිරෝදී බව ප්‍රකාශ කරයි. රනිල් වික්‍රමසිංහ මහතාගේ මන්ත්‍රී දූරයට අභියෝග කරමින් 2021 වර්ෂයේ ගොනුකළ පැමිණිල්ලද මේ වන තෙක්ම විභාගයට නොගත් බව ප්‍රකාශ කරන නගානන්ද කොඩිතුවක්කු මහතා තව දින කිහිපයකින් රනිල් වික්‍රමසිංහ මහතාගේ දිවුරුම් දීමට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව ප්‍රකාශ කරයි.













































