English
සිංහල
10:34 සිකුරාදා, අප්‍රේල් 24, 2026
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    රාජ්‍ය සේවකයන් ඉල්ලගෙන කෑමට සැරසෙන ලකුණු

    publisher 3 by publisher 3
    වසර 3ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    සෞඛ්‍ය, අධ්‍යාපන, විදුලිය, බැංකු, ජල, වරාය ඇතුළු වෘත්තීය සමිති 47කට අධික සංඛ්‍යාවකින් සමන්විත වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව නැවත වරක් අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට සූදානම් බව වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව සඳහන් කළේ ය.

    වෘත්තීයවේදීන්ගේ සාධාරණ ඉල්ලීම් කෙරෙහි නම්‍යශීලී වීමට රජය තීරණය නොකිරීම හා තාවකාලිකව නතර කරනු ලැබූ වැඩ වර්ජනය සඳහා ආණ්ඩුව නිසි පිළිතුරක් ලබා නොදීම හේතුවෙන් මෙම තීරණය ගනු ලැබූ බව වෘත්තීය සමිති එකමුතුව සඳහන් කළේ ය.

    බදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජනාධිපතිවරයා සමග පැවැත්වීමට සැලසුම් කර තිබූ සාකච්ඡාව මෙතෙක් නොලැබුණ බව ද වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව පෙන්වා දුන්නේය.

    රජයේ නව බදු ප්‍රතිපත්තිවලට, පොළී අනුපාතිකය ඉහළ දැමීම සහ මර්දනකාරී වැඩපිළිවෙළට එරෙහිව මෙම වෘත්තීය ක්‍රියාමාර්ග ගනු ලබන බව ද ඔවුහු සඳහන් කළහ.

    ගැටලුව විසඳීම සඳහා වෘත්තීය සමිති ලබාදුන් කාලය ආණ්ඩුව අවභාවිත කිරීම පිළිබඳව කනගාටුවන බවත් ඒ සඳහා යුක්තිය ලබා ගැනීමට නොබියව සටන් වදින බවත් ඔවුහු සඳහන් කළහ.

    ජනාධිපති ලේකම්වරයා වෘත්තීයවේදීන්ගේ ගැටලුව විසඳීමට කටයුතු කරන බවත් මේ පිළිබඳව මාර්තු 22 හෝ ඊට පෙර දිනයක ජනාධිපතිවරයා සමග සාකච්ඡාවක් ලබා දෙන බව ත් සඳහන් කර තිබුණ ද එය හුදෙක් ක්‍රියාත්මක නොවුණු බව ත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ පැවසීය.

    මේ සියලු සාකච්ඡා ආණ්ඩුව මග හැරීමට කටයුතු කිරීමට උත්සහ ගන්නා බව ත් මේ වන තුරු රජයේ කිසිදු පාර්ශවයක් මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම පිළිබඳව දැනුවත් කිරීමක් සිදු කර නොමැති බව ත් ඔවුහු සඳහන් කළහ.

    එසේ ම, විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ආරම්භ කළ වැඩ වර්ජනය අද වනවිට 18 වන දිනටත් ක්‍රියාත්මකව පවතින බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ පැවසීය.

    බදු ප්‍රතිපත්තියට සාධාරණ විසඳුමක් ලැබෙන තෙක් වර්ජනය කිසිදු ආකාරයකින් අවසන් නොකරන බවත් ආණ්ඩුව මේ සඳහා සංවේදී වන තුරු මේ සටන ක්‍රියාත්මක කරන බව ත් හෙතෙම කීය.

    වැඩ වර්ජන ක්‍රියාත්මක නමුත් විශ්වවිද්‍යාලවල විභාග කටයුතු කිසිදු බාධාවකින් තොරව සිදු කරන බව ත් උසස් පෙළ විභාග ප්‍රශ්න පත්‍ර පරීක්ෂා කිරීම මේ වන විටත් අක්‍රිය වී ඇති බව ත් ඔහු වැඩිදුරටත් පැවසුවේය.

    එසේ ම, විදුලි බල හා ජල සම්පාදන වෘත්තීය සමිති ආරම්භ කරන ලද වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ද තවදුරටත් ක්‍රියාත්මකව පවතින බවත් ඉදිරියටත් එම වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නා බවත් වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව සඳහන් කළහ.

    වත්මන් ආණ්ඩුව විසින් අත්තනෝමතික ලෙස ක්‍රියාත්මක කරමින් තිබෙන ජන පීඩක සහ අසාධාරණ බදු ප්‍රතිපත්තිය ආර්ථික, සමාජ හා දේශපාලන අර්බුදයක් ගොඩනැගීමේ මූලික අඩිතාලම බවට පත්ව ඇති බව ඔවුහු වැඩිදුරට ත් පැවසූහ.

    මාසිකව වැටුප් ලබන වෘත්තීය සේවකයන්ගේ වෘත්තීය ක්‍රියා මාර්ග තුලින් පීඩාවට පත් වන සාමාන්‍ය ජනතාව එම රාජ්‍ය සේවකයන්ට එරෙහිව නැගී සිටීමට ඉඩ ඇති බව අපගේ විමර්ශනවලදී අනාවරණය විය.

    කෙසේ නමුත් එයට තිබෙන බාධකය වන්නේ ඔවුන්ට මහජනතාව සමග එකට සිට ගැනීමට අවශ්‍ය දේශපාලන නායකත්වයක් ශ්‍රී ලංකාව තුල නොමැති වීම හේතුවෙන් එය දැඩි ලෙස රජයට බලපෑමක් ඇති වීමට හේතු විය හැකි අතර වෘත්තියවේදීන්ගේ ක්‍රියා හේතුවෙන් සාමාන්‍ය ජනතාවද පීඩාවට ලක්ව තිබේ.

    එසේ පීඩාවට පත් වන ජනතාව වෙනුවෙන් යම් දේශපාලකයෙක් සිට ගතහොත් වෘත්තියවේදීන් හා රජය අතර ගැටුමක් ඇති විය හැක.එහිදී වෘත්තියවේදීන්ට දැඩි පසුබෑමකට ලක් වීමට සිදුවේ.එබැවින් ජනාධිපති ප්‍රමුඛ රජය කල යුත්තේ සාමාන්‍ය ජනතාව සමග එකට සිට ගැනීමයි.

    සාමාන්‍ය ජනතාවගේ සිත් දිනාගැනීමට වෘත්තියවේදීන්ට හෝ රජයට නොහැකිව තිබෙන පසුබිමක වෘත්තියවේදීන්ගේ ඉල්ලීම ඉටු කර දීමට සිදු වේ.එබැවින් රට තවදුරටත් අරාජික වේ.මේ අවස්ථාවේදී සිදු කල යුත්තේ සියලු දෙනාම පැහැදිලිවම සාකච්ඡාවකට එළඹීමයි.එසේ නොමැතිනම් ජනපති කල යුත්තේ සාමාන්‍ය ජනතාවගේ සිත් දිනා ගැනීමට කටයුතු කිරීමයි.නමුත් ජනතාවගේ සිත් දිනා ගැනීමට අවශ්‍ය සැලසුමක් හෝ ප්‍රතිපත්තියක් සකස් වී තිබෙන බවට රාවණා ලංකා වන අපට දක්නට නොමැත.ඒ අනුව ජනාධිපතිවරයා විසින් රට ආරක්ෂා කර ගැනීමට දක්වන වෙහෙසට කුමන බාධක පැමිණියත් මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් විදිහට සාමාන්‍ය ජනතාව ආරක්ෂා කර ගැනීම සදහා රාවණා ලංකා වන අපද කටයුතු කරණු ඇත.

    කෙසේ නමුත් අප නිරන්තරයෙන්ම සදහන් කරන්නේ රනිල් වික්‍රමසිංහ හට තිබූ ගෞරවය අහිමි වූයේ ජනපති වී පැය 24ක් යාමට මත්තෙන්ම අරගලයට පහර දීමයි.එම පහරදීම නොකලේ නම් 60% ජනතාව ජනපති සමග සිට ගැනීමට සූදානම් නමුත්  එම පහරදීම නිසා සාමාන්‍ය ජනතාවට ජනාධිපතිවරයා කෙරෙහි පලවූ අප්‍රසාදයම වර්තමානය වන විට සකසා ගැනීමට නොහැකි වී තිබෙන බව පෙනී යයි.සාමාන්‍ය ජනතාවගේ හිත් දිනාගැනීම  තුලින් මාසික වැටුප් ලබන සේවකයන්ට පසුබැසීමට සිදුවේ.

    එබැවින් ජනාධිපතිවරයා හා උපදේශකවරු කටයුතු කල යුත්තේ සාමාන්‍ය ජනතාව සමග හිට ගැනීමත් ඔවුන් සමග කටයුතු කිරීමත්ය.පොදුජන පෙරමුණ සමග කටයුතු කිරීමට නොහැකි තත්වයක් උද්ගත වී ඇත්තේද ඔවුන් විවිධ පක්ෂ සමග එක් වී ක්‍රියා කරන බැවින්ය.පොදුජන පෙරමුණ කෙරෙහිද ජනතාව විශාල වශයෙන් අප්‍රසාදය පල කරන බවද සමාජ මාධ්‍ය තුලින් පැහැදිලි වේ.පොදුජන පෙරමුණ සමාජ මාධ්‍ය‍යෙහි දක්වන විවිධ වීඩියෝ ආදිය සදහා මහජනතාව දක්වන ප්‍රතිචාර අනුව පෙනී යන්නේ ඔවුන් පිළිගැනීමටද මහජනතාව කිසිවිටකත් සූදානමක් නොමැති බවයි.

    නමුත් සුලු ජන කොටසක් පොදු ජන පෙරමුණ සමග සිටින බව පැහැදිලි වේ.නමුත් මේ ප්‍රශ්ණය විසදීමට නම් ජනාධිපතිවරයා ප්‍රජාතන්ත්‍රවාදී ලෙස මේ ප්‍රශ්ණය දෙස බැලිය යුතුය.කිසිසේත්ම වෘත්තියවේදීන්ට පහර දීම,පෙලපාලි තහනම් කිරීම තුලින් මෙම ප්‍රශ්ණය පාලනය කිරීමට නොහැකි බව රජය අවධාරණය කර ගත යුතුය.ගැටුම් ඇති වීම තුලින් ඇතිවන විපර්‍යාස දැනටමත් බොහෝ දෙනෙකු හදුනාගෙන ඇති අතර ජනාධිපතිවරයා කල යුත්තේ සාකච්ඡා මාර්ගයෙන් හෝ විවිධ උපක්‍රම ඔස්සේ මෙය විසදා ගැනීමට කටයුතු කිරීමයි.

    ජනාධිපතිවරයා විසින් මැතිවරණය කල් දැමීම සදහා විවිධ උපක්‍රම භාවිතා කරන අතර කෙසේවෙතත් රටට ආදරය කරන රටට කැමැත්තක් දක්වන කවුරු උනත් හරි දේ හරි විදිහට කරයිනම් අපි ඒ වෙනුවෙන් හරි දේ හරි විදිහට කරන පුද්ගලයන් ලෙස ජනාධිපතිගේ එම උපක්‍රමය සාර්ථක විය.වෘත්තියවේදීන් මර්ධනය නොකර ඔවුන් පාලනය කිරීම වෙනුවෙන් ජනාධිපතිවරයාගේ අවධානය යොමු කල යුතුය.එසේ නොමැතිව දිගින් දිගටම ගැටලු ඇති වීම තුලින් මෙය පවත්වාගෙන යාමට අපහසු වනු ඇත.

    එසේම ජනාධිපතිවරයා හැකි ඉක්මනින් කල යුත්තේ දූෂණයට එරෙහිව ගත යුතු සියලු අණ පනත් හැකි ඉක්මනින් පාර්ලිමේන්තුව තුල සම්මත කිරීමයි.එසේ සම්මත කිරීම තුලින් වෘත්තියවේදින් සිදු කර තිබෙන විවිධ වංචා හා දූෂණ මෙන්ම මැති ඇමතිවරු සිදු කර ඇති අක්‍රමිකතා වලට එරෙහිව නීතිය නිසියාකාරයෙන් ක්‍රියාත්මක වන ආකාරයට එය සිදු කල යුතුය.එසේත් සිදු කිරීමට නොහැකි නම් විදේශගත විශේෂ උපදේශක මණ්ඩල මගින් සහය ලබා ගනිමින් වංචා, දූෂණ සෙවීම සදහා ජාත්‍යන්තර මට්ටමින් සහය ලබා ගෙන නිසි ලෙස දඩුවම් ක්‍රියාත්මක කිරීමට ජාත්‍යන්තර ආයතන හෝ මැදිහත්වීමෙන් ක්‍රියා කල යුතුය. එබැවින් අප දකින හා පේන ආකාරයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කල යුතුය.නමුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමට රටක් තිබිය යුතුය.වෘත්තියවේදීන්ගේ ඉල්ලීම් මත පීඩාවට පත් වන්නේ රටක බදු ගෙවමින් ජීවත්වන සාමාන්‍ය ජනතාවයි.එබැවින් වෘත්තියවේදීන් මේ අවස්ථාවේ කල යුතු වන්නේ තමන්ගේ යටි අරමුණු ඉල්ලා සාමාන්‍ය ජනතාව පීඩාවට පත් කිරීම නොව නිරන්තරයෙන්ම රටේ පවතින ප්‍රශ්ණ විසදා ගැනීමට රජයට සහය වීමයි.රජය විසින් අකටයුතුකම්,අසාධාරණකම් මර්ධනීය ක්‍රියාමාර්ග,පහරදීම් ආදී නීති විරෝධී ක්‍රියාමාර්ග නොකර සහයෝගයෙන් කටයුතු කිරීමට අවශ්‍ය පදනමද රජය විසින් සකස් කර ගැනීමයි.

    Tags: ප්‍රමුක පුවතවිශේෂ
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    Uncategorized

    අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.

    මාර්තු 21, 2024
    Uncategorized

    පොලීසියේ ලොකු පුටුවල වෙනසක් .

    මාර්තු 16, 2024
    Uncategorized

    පොලිස්පති පත් කිරීමට එරෙහිව FR පෙත්සමක්.

    මාර්තු 16, 2024
    පොලිසිය

    දකුණේ පාතාලය මඩින්න පොලිස්පතිගෙන් විශේෂ සැලසුමක් .

    මාර්තු 14, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 14 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 14, 2024
    කාලගුණ

    යළිත් පාසල්වලට දැනුම්දීමක් .

    මාර්තු 13, 2024
    ප්‍රජා

    මහා හඩ පෞරුෂය සදහටම නිහඬ වෙයි.

    මාර්තු 13, 2024
    විශේෂ පුවත්

    තැපෑලේ වැඩවර්ජනය ගැන පරීක්ෂණයක්.

    මාර්තු 13, 2024
    ජනතා ඉල්ලීම් සහ ප්‍රශ්න

    සරසවි අනධ්‍යයන සේවකයින් වැඩවර්ජනයක.

    මාර්තු 13, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 13 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 13, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version