මේ වන විට විශ්ව විද්‍යාල පරිශ්‍රයන් තුල රාත්‍රී 7 න් පසු හැසිරිය යුතු ආකාරයන් පිලිබදව නීතියක් හදුන්වා දදී තිබේ. එම නීතිය නිසා එම සිසුන්ට ගටලු තිබෙන බවට අග්නි දිග විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය ප්‍රකාශ කර තිබේ. එම ප්‍රකාශය පහතින්.
විශ්වවිද්‍යාලය තුල මේ වන විට රාත්‍රී 7 නීතියක් ක්‍රියාත්මකකරමින් සිසුවියන්ට රාත්‍රී 7න් පසු විශ්වවිද්‍යාල භූමිය තුල ඇති අධ්‍යන ප්‍රදෙශ් භාවිතය, අන්තර්ජාල පහසුකම් භාවිතය හා සිසුන් විසින් සංවිධානය කරන විවිධ ක්‍රියාකාරකම් සදහා සහභාගී වීමට ඇති ඉඩහසර සීමාකර ඇත. මෙය සිසුන් වෙත විශ්වවිද්‍යාල පරිපාලනය විසින් සිදුකරන අනිසි බලපෑලමකි.
විශ්වවිද්‍යාලයක් තුලට පැමිණෙන සියලූම සිසුන් වයස අවුරුදු 18 ට ඉක්මවූ සමාජයේ තරුණ පිරිස් ලෙස සැලකෙන වගකීම් සහගත පිරිසකි. මෙවන් වටපිටාවක විශ්වවිද්‍යාලය තුල ඔවුන්ට තම ජීවිතය අහිමිකරමින් අනිසි විදිහට මැදිහත් වීම අප තරයේ හෙලාදකිමු. එමෙන්ම නේවාසිකාගාර තුල විෂයන් උගන්වන ආචාර්යවරුන් තබා ගනිමින් සිසුන්‍ව බියගන්වා බලපෑම් කර දැමීම ඉතාමත් පිළිකුල් සහගතය. එමෙන්ම නේවාසිකාගාරය තුල සිසුවියන්ට සීමා පනවමින් අනුගමනය කල යුතු මාර්ගෝපදේශ පද්ධතියක් ක්‍රියාමක කරයි. මෙහි පහත පරිදි වේ,
දැඩි ලෙස තහනම් හා දඩුවම් ලැබිය හැකි වැරදි.
– නේවාසිකාගාරය තුල ආහාර පිසීම සපුරා තහනම් සහ දඩුවම් ලැබිය හැකි වරදකි.
– නේවාසිකාගාරය තුල සුරතල් සතුන්ට ආහාර දීම සපුරා තහනම්.
– නේවාසිකාගාරය තුලට කිසිදු ආගන්තුක පුද්ගලයෙක් ගෙන්වා ගත නොහැක.
සාමාන්‍ය රීති
– නේවාසිකාගාරය තුල නිහඩව හා විනය ගරුකව හැසිරිය යුතුය.
– ඊලග පුද්ගලයාට භාවිතා කිරීම සදහා වැසිකිලි සහ නානකාමර පිරිසිදුව තබාගත යුතුය.
– ජල මූලාශ්‍ර අරපිරිමැස්මෙන් භාවිත කල යුතුය.
– නේවාසිකාගාරය තුල තමන්ගේ අභිමතය පරිදි නිදහසේ ඇදුම් පැලදුම් හැද සිටීමට නොහැක.
– නේවාසිකාගාරයෙන් පිටව යාමේදී හෝ ඇතුලු වීමේදී නේවාසිකාගාර පාලිකාවගෙන් සෑමවිටම ලිඛිතව පූර්ව අවසරය ගත යුතුය.
ඉහත නීති රීති වලට අවනත නොවන අයව පූර්ව දැනුම් දීමකින් තොරව වහාම නේවාසිකාගාරවලින් නෙරපා හරිනු ලැබේ.
යනුවෙන් සදහන් කරමින් විශ්වවිද්‍යාලය අපකීර්තියට පත් නොකරමින්, සිසුන් අතර සංහිදියාව ඇති කිරීමට බලාපොරොත්තු වීම යන මුවාවෙන් සිසුන් වෙත නිශ්චිතවම මෙම මොහොතේ දී පාලනාධිකාරිය ලෙස ගෙන ඇති මෙම තීරණය විසින් සිසුන්ගේ නිදහස හා අයිතිවාසිකම් මර්දනය වන බව අප හට පැහැදිලි ලෙසම පෙනීයන කරුණකි.
මහා ශිෂ්‍ය සංගමය – අග්නිදිග විශ්වවිද්‍යාලය














































