රට ගොඩනගන මාවතක්වත් නොපෙනෙන, ඒවාට අවශ්‍ය ප්‍රතිපත්තිවත් සකසන බවක් නොපෙනෙන වර්තමාන රජයද පොහොට්ටු රජයකි. පාලන බලය තිබෙන්නේ මහින්ද, ගෝටා සහ බැසිල් අතේය.
මෙම පාලනයෙන් රට ගොඩ නගාවි යැයි හිතන්නේ නම් එය සිහිනයකි. එවන් පසුබිමක් තුල කෝවිඩ් සමයේ සිට වර්තමානය දක්වාම රටේ සෞඛ්‍ය නොහොත් මහජන යහපත බින්දුවටම වැටුනේය. එය කෙතරම් දූෂිත වුයේද යත් මහ හොරුන් සෞඛ්‍යයෙන්ද බිහි විය. මිනිස්සුන්ට විවිද බෙහෙත් වර්ග පෙවීමට පොහොට්ටු රජයේ සෞඛ්‍ය අමාත්‍යවරු පියවර ගත්තේය.
රටේ තත්වය එසේ තිබියදී මීට සුලු මොහොතකට පෙර අපට ලැබුනු දුරකතන ඇමතුම්වලින් අනාවරණය වූයේ රෝහල් කිහිපයක “සේලයින්” ද නොමැති බවයි. එම රෝහල් මොනවාද යන්න තොරතුරු අප සතුව පවතී. වගකිව යුතු බලධාරියෙක් කතා කලහොත් පමණක් එම රෝහල් මොනවාද යන්න හෙලිදරව් කෙරේ.
හදිසි, මෙන්ම අසාධ්‍ය රෝගීන් ට විවිධ ප්‍රතිකාර ලබා දීමට අවශ්‍ය මූලිකම ප්‍රතිකාර ඖෂධය වන්නෙ ” සේලයින්” ය. උණ හැදුනු පුද්ගලයෙක් රෝහල් ගත වුවත් ප්‍රතමව ලබා දෙන්නේ ” සේලයින්” ය. එවන් තත්වයක් මත මියැදෙන රෝගීන්ටද වග කීමට කිසිවෙකුත් නැති බව අමුතු කතාවක් ද නොවේ. නමුත් එසේ වීමට නම් මැති ඇමතිවරු මෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශයක්ද, නිලධාරීන් ද රටට අවශ්‍ය නැත.
ඊ ලග මැතිවරණ වලදී වෙන්න ජනාධිපත්වරු මෙන්ම, ඔවුන් කරලියට ගැනීමට වෙහෙසෙන මෙරට පුර්වැසියන්ටද තමන් සිටින තත්වය පිළිබදවත් ඒවාට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගැනීමට බලපෑම් නොකිරීමත් තුල ඉදිරිය තව දුරටත් භයානක විය හැකිය..














































