ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ කොවිඩ් වසංගතයට ගොදුරු වීමෙන් ලොව පුරා සෞඛ්‍ය සේවකයින් 80,000 – 180,000ක් අතර පිරිසක් පසුගිය වසරේ ජනවාරි මාසයේ සිට මෙම වසරේ මැයි මාසය වනතෙක් මියගොස් ඇති බවයි.
එමෙන්ම ලොව පුරා කොවිඩ් මර්දන කටයුතුවල නිරතවී සිටින සෞඛ්‍ය සේවක සංඛ්‍යාව මිලියන 135ක් පමණ බවද ඔවුන් සඳහන් කර ඇත.
ලොව රටවල් 119ක සෞඛ්‍ය සේවකයින් පස් දෙනෙකුගෙන් දෙදෙනෙක් පමණ පූර්ණ එන්නත්කරණය ලැබූ අය වන අතර කෙසේ නමුත් අප්‍රිකානු මහද්වීපයේ පූර්ණ එන්නත්කරණය ලැබූ සෞඛ්‍ය සේවක සංඛ්‍යාව 10 දෙනෙකුගෙන් එක් අයෙක් පමණක් බව ද සඳහන් වේ.
ලොව සංවර්ධනය වූ රටවලින් සෞඛ්‍ය සේවකයින් 10 දෙනෙකුගෙන් අට දෙනෙක්ම පූර්ණ එන්නත්කරණය ලැබූවන් බවද ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්තයන්හි සඳහන් වේ.















































