සැක කටයුතු ලෙස මියගොස් ඇති කාන්තා මළ සිරුරක් මහල් නිවාස සංකීර්ණයක කාමරයක් තුළ තිබී හමුව ඇත.
වැල්ලවත්ත ප්‍රදේශයේ මහල් නිවාස සංකීර්ණයක කාමරයක් තුළ තිබී එම කාන්තා මළසිරුර හමුව ඇති බවත් ඇය විදෙස් ජාතික කාන්තාවක් බවත් පොලිසිය සඳහන් කරයි.
මියගොස් ඇති කාන්තාව මෙම නිවාස සංකීර්ණයේ කුලී පදනම මත රැඳී සිට ඇති බවත් ඇය වයස අවුරුදු 66ක් වන නෙදර්ලන්ත කාන්තාවක් බවත් මේ වන විට අනාවරණය වී ඇත.
එමෙන්ම වයස අවුරුදු 37 හැවිරිදි ශ්‍රී ලාංකිකයෙකු සමග එම නිවසේ රැඳී සිට ඇති බවට ද තොරතුරු අනාවරණය වී ඇති අතර පොලිස් විමර්ශන කටයුතුවලින් සැකකාර පුද්ගලයෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ද ගෙන ඇත.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු වැල්ලවත්ත පොලිසිය විසින් සිදුකරන බවයි.













































