මෙරට විදුලිබල ක්ෂේත්‍රය සම්බන්ධයෙන් අද (12) තවත් ගිවිසුමක් ඇමරිකාවේ නිව් ෆෝට්‍රස් සමාගම සමඟ අත්සන් කිරීමට නියමිතව ඇති බව ලංකා විදුලිබල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය පවසා ඇත.
මීට පෙරත් එම සමාගම සමග ඇති කරගනු ලැබූ ගිවිසුමේ දිගුවක් වශයෙන් මෙම නව ගිවිසුම අත්සන් කෙරෙන බවයි ලංකා විදුලිබල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ මෙහෙයුම් කමිටු සාමාජික රන්ජන් ජයලාල් මහතා පවසන්නේ.
ෆෝට්‍රස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරීවරයා ගිවිසුම සම්බන්ධයෙන් කටයුතු කිරීමට මෙරටට පැමිණීමට නියමිත බවත් අදාළ ගිවිසුම සම්බන්ධයෙන් රටට හෙළිදරව් කිරීමක් සිදු නොකරන්නේ නම් දැවැන්ත වෘත්තීය සමිති අරගලයක නිරතවන බව ද රන්ජන් ජයලාල් මහතා වැඩි දුරටත් සඳහන් කර ඇත.















































