වාණිජ කර්මාන්ත හා සේවා ප්‍රගතිශීලි සේවක සංගමයේ සභාපති බන්දුල සමන් කුමාර මහතා සඳහන් කරන්නේ විදුලිබල මණ්ඩලයට අවශ්‍ය කරන ඉන්ධන ප්‍රමාණය සැපයීමට නොහැකි වුවහොත් වැඩි දිනක් ගත වීමට ප්‍රථම මුළු රටම අඳුරේ තැබීමට සිදුවන බවයි.
මේ වන විට ටොන් 2000ක් පමණ වන ඇණවුමක් ලැබී තිබුණ ද එය සපයාගැනීමට තෙල් පිරිපහදුව මගින් නොහැකි බව ද මෙහි දී එම මහතා පෙන්වා දී ඇත.
සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා දැමීමට එරෙහිව පවත්වන ලද විරෝධතාවයේ දී එම මහතා මෙම අදහස් දැක්වීම සිදුකර ඇත.















































