විශ්වවිද්‍යාලයිය ආචාර්ය මණ්ඩලය මෑතකදී ගත් තීරණයක් අනුව විශ්වවිද්‍යාලයිය සිසු සිසුවියන් සමග කළු ඇදුමෙන් සැරසී හෙට හර්තාලයට එක් වීමට නියමිත බව වාර්තා වේ.
හෙට දහවල් 12 ට කොල්ලුපිටිය මංසන්ධියෙන් ආරම්භව දහවල් 01 ට පමණ ගාලු මුවදොර පිටියෙහි පිහිටි ගෝඨා ගෝ ගමට පැමිණීමට නියමිතයි.
සිසු සිසුවියන් ආචාර්යවරුන් එම ස්ථානයට කැඳවීම සඳහා විශ්වවිද්‍යාල මට්ටමින් කටයුතු සංවිධානය කර තිබෙන අතර විවෘත විශ්වවිද්‍යාලයිය කණ්ඩායම සදහා දහවල් 11.30 ට විවෘත විශ්වවිද්‍යාලයෙන් බස් රථ පිටත් වීමට නියමිතව තිබේ.
විශ්ව විද්‍යාල දරුවන් සියලුම ස්ථානයන් වල රට වෙනුවෙන්, ඔවුන්ගේ හෙට දවස වෙනුවෙන් සටන් කරද්දී ඔවුන් වෙනුවෙන් ආචාර්යවරුන්ද එක් වීම මෙම අරගලයේ සුවිශේෂී අංගයක් වනු ඇත.















































