ශ්‍රී ලාංකීය දුක්ත විදින ජනතාව මහපාරට ඇද දැමු පාලකයන්ට විරුද්දව දුක් විදින ජනතාව විසින් අරගලය කලේ අසාධාරණ ලෙස නොවේ. එම අරගලය ලෝක ඉතිහාසයට එකතු වෙමින් ශ්‍රී ලංකාව ලෝකයේ තව තවත් ප්‍රසිද්ධ විය. එම අරගලයට සහබාගි වු බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක වන කේලී ෆ්‍රේසර් (Kayleigh Fraser) නමැත්තිය ගේ විසා අවලංගු කිරීමට ශ්‍රී ලංකාවේ ආගමන හා විගමන බලධාරීන් කටයුතු කරන ලදී. එයට විරුද්දව ඇය විසින් රීට් පෙත්සමක් ඉදිරිපත් කල අතර එය විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය අද (16) නියම කර තිබේ.
අභියාචනාධිකරණ විනිසුරු සෝභිත රාජකරුණා මහතා එම නියෝගය නිකුත් කර ඇත. කෙසේ නමුත් මේ වන විට ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ එන මානව හිමිකම් යෝජනාව ඉදිරිපත් කිරීමේ යෝජනාවට ඉදිරියෙන්ම සිටින එක රාජ්‍යයක් වන්නේද බ්‍රිතාන්‍ය වීමද විශේෂ වේ.
අරගලයට විරුද්ද වු දේශපාලනඥයන් සහ ඔවුන්ගේ ගෝලයෙන්ගේ දැඩි වයිරයකට ඇයව පත්ව තිබේ. සමාජ ජාලා වල එය දක්නට ලැබේ.














































