අප “ශ්‍රී රාවණා”යන නාමයෙන් ශ්‍රී රාවණා ලංකා පුවත් සේවය සහිත මාධ්‍ය ජාලය ආරම්භ කරන්නේ මෙයට අවුරුදු 4 කට පෙර අද සිදුව තිබෙන විනාශයට පිළිතුරු ලෙස ඉදිරිපත් කල සියලුම යෝජනා මෙන්ම ඉල්ලීම් ද නිසි බලධාරියන් විසින් පසෙකට විසිකළ නිසාවෙනි. අප එකලම “ශ්‍රී රාවන් හස්ත සටන් කළා කණ්ඩායම” නිර්මාණය කරමින් වැටුණු දේශය ගොඩනැගීම සදහා නිසි දර්ශනයක් ද ඉදිරිපත් කරන ලදී.
කෙසේ වුවත් ඒ සියල්ලටම ගත යුතු ක්‍රියාමාර්ග ගැනීමට නිසි බලධ්රින් කටයුතු නොකිරීමේ ප්‍රතිපලයක් ලෙස “ මව් බිමේ දුක් විදින මිනිසුන්ට හඬක් වෙමින්” නව සමාජයක් බිහි කිරීම උදෙසා සංකීර්ණ කටයුතු ගනනාවක් සමගම මෙම වෙබ් අඩවියද නිර්මාණය කල අතර ඉදිරියේදී “ ශ්‍රී රාවණා FM” රේඩියෝ නාලිකාවද, ශ්‍රී රාවනා TV නාලිකාවද මෙන්ම “ ශ්‍රී රාවණා ලංකා පුවත් පතද” ශ්‍රී ලාංකික ජන සමාජයටද බිහිවීමට තිබේ. ඒ සියල්ලේම ඉලක්කය යහපත් පරපුරක් බිහිකිරීම උදේසා සියලුම ආගමික ඉගැන්වීම් සමග ශ්‍රී ලංකාවේ බිහි වූ කියවෙන ශ්‍රේෂ්ඨ රජෙකු වන “ ශ්‍රී රාවණා මහරජුගේ” සමාජ සංවර්ධනය උදෙසා භාවිතා කර තිබෙන විශේෂ ඉගැන්වීම් සහිතව නව ශ්‍රේෂ්ඨ නව පරපුරක් බිහි කිරීමේ කෙටි කාලීන සහ දීර්ඝකාලින වැඩසටහන් ඉදිරිපත් කිරීම විය.
එහිදී වංචා, දූෂණ, අක්‍රමිකතා මෙන්ම සමාජ විරෝදී සහ නීති විරෝදී ක්‍රියාවලට එරෙහිව කටයුතු කිරීමත් උදෙසා දැවැන්ත සංවිධානාත්මක කණ්ඩායමක් සමග රටේ උන්නතිය උදෙසාම පමණක් ලිවීම, තොරතුරු සෙවීම ජනගත කිරීම මෙන්ම නීත්‍යානුකූලව කටයුතු කිරීම අපගේ මූලික පරමාර්ථයන් වේ.
එම අරමුණට යාමේදී බොහෝ සුදු ඇදගත් නිලධාරින්ගේ “ පාට පට දර්ශන” පා කර හැරීමේදී හිත රිදීම නිසා මේ වන අවස්ථා තුනක් සයිබර් ප්‍රහාර එල්ල කර තිබේ. ඒ මීට මාස කිහිපයකට පෙර එක් වතාවක්, පසුගිය ජුනි 28 එක් වතාවක් සහ ඊයේ (7) රාත්‍රී 11.30 ට පමණය. එය කරනේ කවුරුන්ද යන්න අප මේ වන විටත් හදුනාගෙන තිබේ. මේ කිසිම අවස්ථාවක අපගේ වෙබ් අඩවියට හානි කිරීමට ඔවුන්ට නොහැකි වූ අතර ඔවුන්ගේ ප්‍රථම උත්සාහයෙන්ම සියල්ලම ව්‍යර්තව යන ලෙස සියලු ආරක්ෂක විධික්‍රම සකසා තිබේ.
කෙසේ වෙතත් එම ප්‍රහාරයන් වලින් සිදු වුයේ දිගින් දිගටම ආරක්ෂක උපක්‍රම වැඩි කිරීම පමණි. ඊයේ ප්‍රහාරයෙන් පසුව අද තව දුරටත් සියලු කටයුතු පෙරටත් වඩා සවිමත් කර තිබේ. යහපත් පරපුරක් බිහි කිරීමේ උඩුගම් බලා යන අප තව දුරටත් එවැනි ප්‍රහාර බලාපොරොත්තුව සිටී. දූෂිත චෞර රාජ්‍යක අපද සියල්ලම සිදුකරනුයේ “ මනා සේ දැනගෙන” බැව් ඉතාම සතුටින් සදහන් කරමු. කෙසේ වෙතත් මේ ප්‍රහාර එල්ල කල පුද්ගලයන් මෙන්ම ආයතනද සාක්ෂි සහිතව එළිදරව් කිරීම සිදුවනු ඇති අතර එතෙක් “ හැලිය රත්වෙන තෙක් නටන ගෙම්බන්” සේ නැටිය හැකි බවද ඉතාම සතුටින් සටහන් කරමු.
පුවත් බලාපොරොත්තුවෙන් සිටි සියලුම දෙනා ලක් වූ අපහසුතාවයට අපගේ බලවත් කණගාටුව සදහන් කෙරේ.














































