English
සිංහල
01:40 සඳුදා, ජූනි 29, 2026
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • English
    • සිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    ශ්‍රී ලංකාවේ ගෝත්‍රික හමුදාවන් සහ ගෝත්‍රික ප්‍රජාව – රටේ නායකයන් නොදුටු සිවිල් යුද්ධයක් අත ලග.

    Ravana by Ravana
    වසර 4ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    “කූරු සහ ගල් වලට මගේ ඇටකටු කැඩිය හැක, නමුත් වචනවලට කිසිදාක මට රිදවිය නොහැක.”, “ ආදරණීය වචන” ලොවක් සුව කිරීමට සමත් වෙයි. නමුත් නරක නොහොත් සමාජය වැරදි බවට පිළිගන්නා වචන “ බැලස්ටික් මිසයිලයකටත් වඩා දරුණුය”. වචන වලින් ඇතිවන රිදීම් සහ රිදීම් දරාගත් උදවියගේ දරාගැනීමේ ශක්තියද ඉහත ප්‍රකාශවලින් මැනවින් පෙන්වා දෙයි.

    මේ දිනවල ශ්‍රී ලංකාවේ සියලු දෙසින් වාර්තා වන්නේ ආරක්ෂක අංශ සහ සාමාන්‍ය ජනතාව අතර ඇති වූ ගැටුම් වලින් ඇතිව තිබෙන හිත් පීඩාවන්ය. සාමාන්‍ය සිවිල් සමාජය ආරක්ෂක අංශවලට වෛර කරති. එයට ආසන්නතම සිදුවීම වුයේ පසු ගිය දා ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් සිවිල් ජනතාවට ම්ලේච්ච ලෙස පහර දීම සහ මාධ්‍යවේදීන්ට පහර දීමයි. ආරක්ෂක හමුදා ක්‍රියාත්මක වන්නේ නීතියට පිටින් බව ප්‍රසිද්ධියේම දර්ශනය වුයේ මාර්තු 31 වනදාය. ඔවුන් එහිදී ඔවුන්ගේ වැරදි වසා ගැනීම සදහා මාධ්‍යවේදීන්ගේ කැමරා කුඩුකර ඔවුන්ට පහර දුන්නේය.

    නමුත් එතැන් සිට මහජනතාව ප්‍රකෝපකරවන කරවන සියලුම ක්‍රියාවන් සිදුකලේ ආරක්ෂක අංශ විසිනි. සාමකාමී ජනතාව ප්‍රචණ්ඩත්වයට පත්කිරීමේ වගකීම ගත යුත්තේ ඔවුන්ය.

    විද්‍යාත්මකව ගත් විට අපේ ක්‍රියාවන් සහ වචන තුලින් අනෙකාට හිරිහැරයක් කරදරයක් සිදුවන්නේ නම් එය අප නොකළ යුතුය. අප එය සිදුකරන්නේ නම් එයින් පෙන්නුම් කරන්නේ අනෙකාට සිදුවන හිරිහැරය යුද්ධයක් දක්වා රැගෙන යන බවයි. පුද්ගලයෙක් ලෙසද, සමාජයක් ලෙසද, රටක් ලෙසද ගත්විට මෙම අවස්තාවන් වෙනස් වේ. මේ වන විට ශ්‍රී ලංකාවේ පුද්ගලයන් පුද්ගලයන් අතරද, ප්‍රජාවන් ප්‍රජාවන් අතරද, විශේෂ ප්‍රජාවන් දෙකක් වන  පාලකයන් සහ වැසියන් අතර මෙන්ම ආරක්ෂක අංශ සහ සාමාන්‍ය ජනතාව අතරද අප්‍රසන්නතා මෙන්ම ගැටුම්ද ඇතිව තිබේ.  දැනට තිබෙන වෛරය සිවිල් යුද්ධයක පෙරනිමිති වේ.

    ආචාර්ය මාර්ෂල් රොසෙන්බර්ග් විසින් හදුන්වා දී තිබෙන ප්‍රචණ්ඩත්වයෙන් තොර සන්නිවේදනයේ කාර්යය සියලුම දෙනා නායකයින් ලෙස සලකන, සිතන සහ ප්‍රකාශ කරන ආකාරය කෙරෙහි ගැඹුරු බලපෑමක් ඇති කර ඇත. ඇතැම් සන්නිවේදනයන් අනෙක් ඒවාට වඩා පැහැදිලිවම ප්‍රචණ්ඩ හෝ සෞඛ්‍යයට අහිතකර හෝ ප්‍රතික්‍රියාශීලී බව පැහැදිලිය. අපි අන් අයට දොස් පවරන විට හෝ විනිශ්චය කරන විට, ඉල්ලීම් කරන විට, ගැටුම් සමඟ කටයුතු කරන විට, ආක්‍රමණශීලී ලෙස කතා කරන විට, අපගේ හඬ නඟන විට හෝ තර්ජන කරන විට අපට මෙය පෙනේ. පැහැදිලිවම, මේවා අපි අන් අයට රිදවීමට හෝ අපට රිදවීමට භාෂාව භාවිතා කරන ක්‍රම වේ.

    දැන් ශ්‍රී ලංකාවේ වැසියන් 80% ක් පමණ ප්‍රචණ්ඩ වී තිබේ. එම ප්‍රචණ්ඩත්වය නිර්මාණය වන්නේ අයහපත් දේශපාලන දර්ශනයන් නිසාය. සමාජය ආරක්ෂා කිරීම වෙනුවට ජනතාව පීඩාවට පත් කිරීම උදෙෂා නීති රෙගුලාසි නිර්මාණය වුවා විනා සමාජය සුරැකීම උදෙසා නීති අණ පනත් නිර්මාණය වුයේ නැත. උදාහරණයක් ලෙස මූල්‍ය සමාගම් පනත තුලින් ජනතාවට වාහන නිවස ආදිය සදහා පොලි ලබා දෙන ක්‍රම නිර්මාණය වුවා හැර, ඒවායින් නය අරගෙන තමන්ගේ ආදායමට සරිලන ලෙස ගෙවන්නේ කෙසේද යන්න නිර්ණායක හදුන්වා දුන්නේ නැත. එසේම රාජ්‍ය සේවයට බදවා ගැනීම්, උසස්වීම් ආදී කල යුත්තේ කෙසේද යන්න තිබෙන පනත් වලින් පිටතට ගොස් දේශපාලන වුවමනාවන් මත ඒවා සිදුකරන ලදී.  දැන් අපට සිටින්නේ මේ ප්‍රශ්න මත පමණක් ජීවත්වන ජනතාවක්  නොවේ. තවත් ප්‍රශ්න දහස් ගණනකින් පීඩිත ජනතාවක්, හමුදා ප්‍රජාවන් මෙන්ම පොලිස් ප්‍රජවන්ය.

    යම් ප්‍රජාවක් දියුණු බවට අප උපකල්පනය කරන්නේ නම් එම ප්‍රජාව තුල සිදුවන සෑම ක්‍රියාවකම යම් පිලිවෙලක් තිබේ. හොද සහ නරක මෙන්ම හරි වැරැද්ද හදුනා ගැනීමට විද්‍යාත්මකව පිළිගත් ක්‍රමයක් හදුන්වා දී තිබෙන අතර සියලුම දෙනා එයට අනුගතව ජීවත් වෙති.  

    මේ අනුව ගත්විට ශ්‍රී ලංකාව තුල සිදුකරන සෑම දෙයකටම පිළිගත් ක්‍රමයක් පවතී. එය නීත්‍යානුකුල වේ. නූතන ලෝකයට ගැලපෙන සහ නූතනය පිළිගත් ක්‍රමවේදයන් සකසා තිබේ. ඊටත් එහා ගොස් බෞද්ධ ජනතාවට සුවිශේෂි වූ ආගමක්ද, අනෙකුත් ආගමිකයන්ටද ආගමික බේදයකින් තොරව තම ලබ්දීන් ඇදහීමට අවශ්‍ය නිදහස බෞද්ධාගම තුලින්ම නිර්මාණය කර දී තිබේ. නමුත් ශ්‍රී ලාංකික වැසියන් ලෙස 80% ක්ම මේ නීතියට අනුගතව නොසිටි. යම් ක්‍රමවත් පද්ධතියක් තිබුනත් ඔවුන් නීතියට හෝ ඔවුන්ගේ ආගමට අනුව ඔවුන් ජීවත් නොවන්නේ නම් ඔවුන් දියුණු යයි සම්මත ලෝකයේ වැසියන් ලෙස ගත නොහැක. ඔවුන් ජීවත් වන්නේ ඔවුන්ට අවශ්‍ය ආකාරයටයි. එවිට ඔවුන්ගේ සංකල්ප පවතින්නේ ගෝත්‍රික හා සාමනවය.

    එසේම වසර සිය ගණනාවක් පුරා සටන් බලවේග ක්‍රියාත්මක වේ. රජයේ අණදෙන දාමයේ අවශ්‍යතා නොහොත් රාජ්‍ය ආරක්ෂාව වෙනුවෙන් ඔවුන් පෙනී සිටි. ශ්‍රී ලංකාවේ පොලිසිය සිවිල් වැසියන් පාලනය කිරීමටත්, ඔවුන්ව අපරාධවලින් බේරා ගැනීමටත් කටයුතු කරන අතර ආරක්ෂක හමුදාවන් ඔවුන්ට පැවරී තිබෙන රාජකාරීන් ඉටුකරයි. ඔවුන් ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කල යුතු අතර සිවිල් සහ අපරාධ නීතියටද යටත් වේ. ඊට අමතරව ඔවුන් වෙනුවෙන් ස්ථාපිත හමුදා පනත් වලට, පොලිස් ආඥා පනතටද යටත්ය. ඒ අනුව ඔවුන් නීති දෙකකට යටත් වේ.

    හමුදාව හෝ පොලිසිය නීතියට පටහැනිව යමක් කරන්නේ නම් එය නීතිවිරෝදී වේ. ජාත්‍යන්තර මානුෂීය නීතියේ “ අක්‍රමවත් බලවේග” යන්නෙන් සන්නද්ධ ගැටුමකට අයත් ජාත්‍යන්තර හෝ දේශීය සන්නද්ධ හමුදාවල කොටසක්, එම කණ්ඩායමේ නිත්‍ය හමුදාවන්ට අයත් නොවන සහ එහි ක්‍රියාත්මක වන පුද්ගලයන්ගෙන් සමන්විත සටන්කාමීන් කණ්ඩායමකි.   එසේම එය තව දුරටත් විවේචනය කරමින් 1949 තුන්වන ජිනීවා සම්මුතියේ “ සාමාන්‍ය සන්නද්ධ හමුදා” පිලිබදව අදහස් දක්වා තිබේ. එසේම “හේග්” සම්මුතිය (1899 සහ 1907) වෙත  “සාමාන්‍ය සන්නද්ධ හමුදා” කොන්දේසි හතරක් සපුරන බවට ජාත්‍යන්තර රතුකුරුස සංවිධානය විවරණ දුන්නේය. එම නිර්ණායක හතර නම්,  

    • ගැටුමේ පක්ෂයකට ඔහුගේ යටත් නිලධාරීන්ට වගකිව යුතු පුද්ගලයෙකු විසින් අණ කිරීම
    • දුරින් හඳුනාගත හැකි ස්ථාවර සුවිශේෂී ලාංඡනයක් තිබීම
    • විවෘතව ආයුධ රැගෙන
    • යුද්ධයේ නීති සහ චාරිත්‍රවලට අනුකූලව මෙහෙයුම් සිදු කිරීම

     මෙම නිර්ණායක සපුරාලන්නේ නැති සටන් බලවේග “අක්‍රමවත් බලවේග” ලෙස හැඳින්වේ. අපේ භාෂාවන්ගෙන් ඒවා ගෝත්‍රික බලවේග වේ.

    ඉහත සදහන් ජාත්‍යන්තර හමුදා නීතියට අනුව සිවිල් ජනතාවක් පාලනය කිරීමට සහ නිරායුධ ජනතාවකට එරෙහිව කටයුතු කිරීමට හමුදාවට බලයක් නැත. එසේම පැවති තත්වයට අනුව ජනතාව පීඩා විදි බැවින් ජනතාව පීඩාවට පත් කල ජනතාව විසින්ම පත්කරන ලද නායකයන්ට එරෙහිව නැගී සිටිමින් ඔවුන් පලවා හැරියේය. ඒ නිරායුධ ජනතාවකි. එම නිරායුධ ජනතාවට පහරදීමට නීතිමය වශයෙන් බලයක් හමුදාවට හෝ පොලිසියට තිබෙන බව ශ්‍රී ලංකාවේ පවතින නීතිය තුලින් හෝ දක්නට නැත. පවතින නීතින්වලට එරෙහිව යමින් කටයුතු කරන සන්නද්ධ හමුදා අක්‍රමවත් බලවේග ගනයට වැටේ. එයින් කියවෙන්නේ ඔවුන් ද ගෝත්‍රික ලෙස හැසිරුණු බවයි. නමුත් බොහෝ ස්ථානවලදී හමුදා සාමාජිකයන්ගේ ඉවසීමේ ගුණය දර්ශනය විය.

    ජනතාවත් ගෝත්‍රික වන්නේ නම්, පාලකයනුත් ගෝත්‍රික වන්නේ නම් , ආරක්ෂක අංශත් ගෝත්‍රික වන්නේ නම් එම සමස්ත රාජයේම කටයුතු සිදුවන්නේ ගෝත්‍රික ආකාරයෙන් නම් එය යහපත් නැත. එයින් බිහිවන්නේ සිවිල් යුද්ධයකි. එසේ සිදු වූ වෙනත් රටවල් තිබේ. පීඩිත ජනතාවට විවිධ සංවිධාන විසින් අවි ආයුධ ලබා දෙති. පීඩිත ජනතාව බලය තිබෙන පුද්ගලයන්ට එරෙහිව අවි ඔසවති. වර්තමාන ආරක්ෂක අංශ සහ දේශපාලන බලවේගවල වරදින් ශ්‍රී ලංකාව නැවතත් යුධ පිටියක් බවට පත්වනු ඇත. එයින් සිංහල හමුදාව මෙන්ම සිංහල ජනතාවද මියයනු ඇත. ජාතිවාදය, ආගම්වාදය ද විවිධ බලවේග විසින් ක්‍රියාත්මක කරනු ඇත. ඒ අස්සේ උතුරේ මෙන්ම දකුණේ ද බෝම්බ පුපුරවනු ඇත. මේ සිදුවීමට යන්නේ දැවැන්ත විනාශයක් වෙතයි. එය සියලු ශ්‍රී ලාංකිකයන්යට යහපත් පැවැත්මක් හෝ අනාගතයක් අහිමිකරනු ඇත. එබැවින් අප මේ මහා විනාශය සිදුවීමට ඉඩ නොතැබිය යුතුය. ඒවා එසේ නොවීමට වගබලා ගැනීමට  ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ කටයුතු කල යුතුය. ආරක්ෂක අංශ දැන්වත් නීතියට අනුව කල යුතු දේවල් පමණක් සිදුකිරීමට වගබලාගත් යුතුය. එසේ නොවන්නේ නම් නැවතත් ශ්‍රී ලංකාවේ භීෂණයක් ඇති විය හැකි අතර එය ඇතිවන්නේ සිංහල ප්‍රජාව තුලමය. එබැවින් කල යුත්තේ ශ්‍රී ලංකාව හැකි ඉක්මනින් නීතියට අනුව පමණක් ක්‍රියාත්මක රටක් බවට පරිවර්තනය කිරීමයි.

    සියල්ල නැවත යථා තත්වයට පත් කිරීමට සියලු ආරක්ෂක අංශ නීතියට අනුව පමණක් ක්‍රියාත්මක වෙමින් ” ආදරණීය” වචන වලින් ජනතාවට ආමන්ත්‍රනය කරමින් සියල්ල වෙනස් කර ගත හැකිය. ඉදිරියේ පැමිණෙන සියලු අනතුරුවලින් මව්බිම බේරා ගැනීමට කල යුතු ප්‍රථම පියවර එයයි. එයින් වෛවරය ඉවත් වේ.

    Tags: ප්‍රමුක පුවත
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    පොලිසිය

    දකුණේ පාතාලය මඩින්න පොලිස්පතිගෙන් විශේෂ සැලසුමක් .

    මාර්තු 14, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 14 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 14, 2024
    කාලගුණ

    යළිත් පාසල්වලට දැනුම්දීමක් .

    මාර්තු 13, 2024
    ප්‍රජා

    මහා හඩ පෞරුෂය සදහටම නිහඬ වෙයි.

    මාර්තු 13, 2024
    විශේෂ පුවත්

    තැපෑලේ වැඩවර්ජනය ගැන පරීක්ෂණයක්.

    මාර්තු 13, 2024
    ජනතා ඉල්ලීම් සහ ප්‍රශ්න

    සරසවි අනධ්‍යයන සේවකයින් වැඩවර්ජනයක.

    මාර්තු 13, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 13 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 13, 2024
    පාසල්

    සියලුම පාසල් වෙත විශේෂ දැනුම්දීමක් .

    මාර්තු 12, 2024
    විශේෂ පුවත්

    ග්‍රාම නිලධාරී සම්මුඛ පරීක්ෂණයට දින නියම වෙයි.

    මාර්තු 12, 2024
    විශේෂ පුවත්

    කුළුබඩු ප්‍රතිඅපනයට අවසර දුන් ගැසට්ටුව අත් හිටුවයි.

    මාර්තු 12, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • English
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version