“ශ්‍රී ලංකාවේ උරුමයන් රකින්න, ඉන්දියාවත් අත්වැල් බැදගනී……….” ලෙස පුවතක් ජාතික උරුම ප්‍රාසාංග කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා සමඟ මහකොමසාරිස්වරයාගේ මුහුණු පොතෙහි සදහන් කර තිබේ. එම පුවත පහතින්.
ශ්‍රී ලංකාවේ සංස්කෘතික සහ පුරාවිද්‍යාත්මක වැදගත්කමින් යුත් ස්පර්ෂණීය සහ අස්පර්ෂණීය උරුමයන් අනාගත පරම්පරාවට උරුමකර දීමේ නව මං පෙත් විමර්ශනය කිරීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක්, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා සහ ජාතික උරුම ප්‍රාසාංග කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා සමඟ මහකොමසාරිස්වරයාගේ කොළඹ නිල නිවසේ දී අද (09) පැවැත්විණි.
ජාතික උරුම ප්‍රාසාංග කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය මඟින් මහකොමසාරිස්වරයා වෙත ඉදිරිපත් කළ උතුර සහ නැගෙනහිර ප්‍රදේශයන් කේන්ද්‍ර කරගත් නව පුරාවිද්‍යාත්මක සංරක්ෂණ යෝජනාවලිය පිළිබඳව ද ගෝපාල් බාග්ලේ මහතා විශේෂ අවධානයක් එහිදී යොමු කළේ ය.
පවතින වතාවරණයන් තුළ ජාතික උරුමයන්ට සහ පුරාවස්තු සංරක්ෂණය කිරීමේ නව වැඩපිළිවෙලක් දියත් කිරීමට,දැනුම බෙදා ගැනීමට හා දෙරට අතර සුහදත්වය මිත්‍රත්වය මෙන්ම අන්‍යෝන්‍ය අවබෝධය තහවුරුවන ආකාරයේ වැඩසටහන් කිහිපයක් ක්‍රියාත්මක කිරීමට ද මහකොමසාරිස්වරයා සිය කැමැත්ත සහ සතුට පළ කළ අතර ඒ සඳහා උපරිම සහයෝගය ලබා දීමටත් එහිදී ප්‍රතිඥා දුන්නේ ය.
ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ වානිජ හා සංස්කෘතික නිලධාරි ඉරිනා ඨාකූර් මහත්මිය, ජාතික උරුම ප්‍රාසාංග කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් නිශාන්ති ජයසිංහ මහත්මිය ද මෙම අවස්ථාව එක්වුහ.
රාවණා සටහන
මේ පිලිබදව බොහෝ දෙනෙකු මෙන්ම අපද දරන අදහස නම් මෙය ඉන්දියාවේ රාමා සහ හනුමාන්ගේ බලවේගයන් ශ්‍රී ලංකාව එදා මෙන්ම ආක්‍රමණය කිරීමේ මෙහයුමක් විය හැකි බවයි.
ශ්‍රී ලංකාවේ පුරවිධ්‍යත්මක ස්ථාන වැනසෙන්නේ පුරාවිද්‍යා අධ්‍යක්ෂකගේ සහ එහි සේවකයන්ගේ නොසැලකිල්ල නිසාය. මේ වන විටත් විශාල වශයෙන් පුරාවිද්‍යාත්මක ස්ථාන විනාශ කරමින් පවතින අතර ඒ සදහා ආධාර අනුබල දෙන්නේ පුර විද්‍යා අධ්‍යක්ෂක ජනරාල් බවට ලිඛිත සාක්ෂි අප ආයතනය සතුව තිබේ.
අතීතයට ගිය විට ශ්‍රී ලංකාවේ ඉතිහාසය විනාශ කලේ සෑහ විකුර්ති කලේ ඉන්දියාව බවට ශ්‍රී ලංකාවට ආදරය කරන බොහෝ ශ්‍රී ලාංකිකයන්ගේ මතයයි. එසේ තිබියදී ශ්‍රී ලංකාවේ දැනට ඉතිරිව තිබෙන පුරා වස්තූන්ද වෙනත් රටක් හ සම්බන්ධ කර යම් කිසි කටුත්තක් සිදු කිරීම රාමා විසින් රාවණා මරා දැමීමේ ඉතිරි කොටස විය හැකිය.











































