ශ්‍රී පාද වන්දනාවේ යමින් සිටි පුද්ගලයෙක් හදිසියේ හටගත් අසනීප තත්ත්වයක් හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇත.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 75 හැවිරිදි නාවලපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව සඳහන් වේ.
තම පවුලේ සාමාජිකයින් සමග මෙම මියගොස් ඇති පුද්ගලයා ශ්‍රී පාද වන්දනයේ පැමිණ ඇති අතර එහි මෙසේ හදිසියේ ජීවිතක්ෂයට පත්ව ඇත.
එම අවස්ථාවේ දී රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරියෙකුට කරන ලද දැනුම්දීමකින් අනතුරුව ඔහු කඩිනමින් පහළට රැගෙන ඇවිත් රෝහල්ගත කළද ඔහු රෝහල්ගත කරන විටත් මියගොස් සිට ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
ඒ අනුව ඔහුගේ දේහය මේ වන විට හැටන් දික්ඔය රෝහලේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමට නියමිතව ඇත.
එමෙන්ම නල්ලතන්නිය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරයි.
















































