අද (03) දිනයේ සිට සපුගස්කන්ද තෙල් පිරිපහදුව යළි වැසීමට තීරණය කර ඇත.
මෙලෙස තෙල් පිරිපහදුව යළි වසා දැමීමට සිදුව ඇත්තේ විදේශ විනිමය අර්බුදය හමුවේ බොරතෙල් මිල දී ගැනීම සඳහා පවතින ගැටලුකාරී තත්ත්වය බවයි බලශක්ති අමාත්‍යවරයා සඳහන් කළේ.
සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා දැමුණ දෙවන අවස්ථාව මෙය වන අතර මින් පෙර දී නොවැම්බර් මස 15 වනදා ද මෙලෙස එය වසා දැමුණු අතර යළි විවෘත වූයේ දින 22කට පසුවය.
කෙසේ නමුත් මෙම මස අවසන් සතියේ දී ඉන්ධන නෞකාවක් මෙරටට පැමිණීමට නියමිතව ඇති අතර ඉන් අනතුරුව තෙල් පිරිපහදුව යළි විවෘත කිරීමට නියමිතව ඇත.















































