බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ප්‍රකාශ කළේ සපුගස්කන්ද තෙල් පිරිපහදුව තාවකාලිකව වසා දැමීමට තීරණය කළ බවයි.
මෙරටට ගෙන්වා ඇති තෙවන බොරතෙල් නෞකාව විදේශ විනිමය හිඟය හේතුවෙන් ගොඩබෑමට නොහැකි වීම මීට හේතු වූ බවයි පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් අමාත්‍යවරයා සඳහන් කළේ.
කෙසේ නමුත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ මේ වන විට ඛනිජ තෙල් ස’ස්ථාව සතුව ප්‍රමාණවත් ඉන්ධන තොග පවතින බැවින් ජනතාව මේ පිළිබඳව අනිසි බියක් ඇති කරගතයුතු නැති බවයි.
එමෙන්ම මහ බැංකුව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වෙත සතිපතා ලබාදෙන මුදල් භාවිතා කර කිසිදු හිඟයකින් තොරව පසුගිය කාලසීමාව තුළ දී පවත්වාගෙන ආ පරිදිම ඉන්ධන නිකුත් කිරීමේ හැකියාව පවතින බව ද අමාත්‍යවරයා සඳහන් කරන ලදී.
















































