අද (02) දහවල් සමස්ත ලංකා හෙද සංගමය විසින් කොළඹ ජාතික රෝහල ඉදිරිපිටදී විරෝධතාවයක නිරතව ඇත.
ඔවුන් මෙසේ විරෝධතාවයක නිරතව ඇත්තේ ගර්භණී හෙදියන් සඳහා වූ නිවාඩු යළි ක්‍රියාත්මක කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමිනි.
හෙද සංගමය සඳහන් කළේ ජනවාරි මස 03 වනදින සිට සාමාණ්‍ය පරිදි හෙදියන් සේවයට සැඳවූ නමුත් ඔමික්‍රොන් වෛරස තත්ත්වය සමග ගර්භණී හෙද නිලධාරීන් බරපතළ අනතුරකට මුහුණ පා සිටින බවයි.
මේ වන විට කොළඹ ජාතික රෝහලේ පමණක් හෙදියන් 25 දෙනෙකුට කොවිඩ් ආසාදිනය වී ඇති බව ද ඔවුන් වැඩි දුරටත් පෙන්වා දී ඇත.













































