සමාජ ජාලා නියාමනය කිරීම සඳහා වන යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ.
ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර ඇති අතර ඊට සහයෝගය ලබාදෙන ලෙසද සියලු මන්ත්‍රීවරුන් ඉල්ලා සිටියේය.
විවිධ රටවල පුද්ගල පෞද්ගලිකත්වයට හානිදායක ලෙස සමාජ මාධ්‍ය භාවිතය පිළිබඳව නීතිරීති සම්පාදනය කර ඇති බවත් ඒ ආකාරයෙන් ශ්‍රී ලංකාවේ ද කටයුතු කළ යුතු බවත් යෝජනාව ඉදිරිපත් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ මහතා පැවසීය.
මේ සමබන්ධයෙන් අදහස් දක්වමින් සමාජ මාධ්‍ය ක්‍රියාකාරීහු සදහන් කරන්නේ අරගලයට සක්‍රිය දායකත්වයක් දැක්වූ සමාජ මාධ්‍ය පිලිබදව වත්මන් ආණ්ඩුව දැඩි තරහකින් පසුවන බැවින් මෙම තහනම පැනවීමට කටයුතු කරන බවයි. අරගල කරුවන්ට උත්තේජන සැපයු බොහෝ දේ මේ වන විට සමාජයේ තහනමට ලක් වී ඇති බවද රජයේ අනුමත මත්පැන් මිළ අධික ලෙස ඉහල දැමීමත් ජනතාව එක් රැස් වන බොහෝ ස්ථාන වලට වත්මන් ආණ්ඩුව දැඩි බියකින් පසුවන බැවින් මෙම පටු තීන්දු ගන්න බවද ඔවුන් පවසති .
(සරත් සමරනායක)














































