දිගින් දිගටම පීඩාවට පත් වූ සාමාන්‍ය ජනතාව ජනාධිපති ප්‍රමුඛ රජය පෙරලා දමා ජනතාවාදී රාජ්‍යයක් බිහි කිරිමට පෙරමුණේ ගත්තේ මාර්තු 31 වැනිදා මිරිහානේදී විශේෂ කාර්ය බලකාය එල්ලකළ ම්ලේච්ඡ ප්‍රහාරයත් සමගිනි.
කෙසේ නමුත් ජනාධිපති ප්‍රමුඛ බලය තිබු පොදු ජන පෙරමුණ ජනතාවගේ කරපිටින් යමින් ජනතාව පීඩාවට පත් කලේ ටෙනිස් ගසන්නා මෙනි. පිළිතුරු ලබා නොදුන් නිසා ජනතාව පාරට බැස්සේ ඔවුන්ට විරුද්ධවයි. ඔවුන් විප්ලව කලේ මෙරට වෙනුවෙනි. එවැනි ජනතාවක් ඕනෑම රටක සිටිති. ඔවුන් සැබෑම දේශප්‍රේමින් වෙති. නමුත් ඔවුන්ට විරුද්ධව නැගී සිටින්නේ රට විනාශ කල පුද්ගලයන්ගේ ආධාර කරුවන්ය .
මේ වන විටත් ජනතාව කොළඹ සිටිති. කොටසක් ජනාධිපති මන්ධිරයේය. තවත් කොටසක් ජානාධිපති ලේඛම් කාර්යාලයේය. තවත් කොටසක් ගාලු මුවදොර පිටියේය. දුර ඈත ගම් වලින් තවමත් ජනතාව කොළඹ වෙත ගමන් කරති.
මේ සියල්ලම මෙසේ වෙද්දී මෙරට ජන නායකයන් තවමත් බඩ පිනුම් ගසන්නේ බලය අල්ලා ගැනීමටය. ඔවුන් විවිධ උපක්‍රම භාවිතා කරමින් බලය ඇල්ලීමේ මෙහෙයුම කරගෙන යති. ඒ හීන් නූලෙනි.
මේ සියලුම දේවල් මෙසේ සිදුවන බව අප ලීවේ ජනතාව මහමගට පැමිණීමත් සමගය. එහෙත් බුද්ධිමත් නොවූ පාලකයන්ට ජනතාවගේ ප්‍රශ්න විසදීමට නොහැකි විය. නමුත් ඔවුන් ඔවුන්ගේ ප්‍රශ්න විසදීමට බුද්ධිමත් විය. බල පෙරලි වෙනුවෙන් කටයුතු කිරීම, දූෂණයන් මෙන්ම වංචාවන් වෙනුවෙන් දිගින් දිගටම පෙනී සිටිමින් ඔවුන්ගේ මලු තර කර ගැනීමට ඔවුන් කටයුතු කළේය. දැනටත් එසේමය. ඉදිරියටත් එසේම පවතිනු ඇත. එහෙත් මේ වන විටත් සිදුවන සියලුම දේ සිදුවන්නේ සාමාන්‍ය ජනතාවට එරෙහිවය. එයින් කියවෙන්නේ මේ අරගලකාරී වාතාවරණය තව දුරටත් පවතිනු ඇති බවයි.
එබැවින් දැන්වත් බල පොරය අත හැර සාමාන්‍ය ජනතාව ඉල්ලන ජනතාවාදී, දූෂණය නොවූ පාලනය ස්ථාපනය කල යුතුව තිබේ. එසේ නොවීමෙන් සිදුවන්නේ තවදුරටත් දේශපාලඥයන්ගේ ජීවිත මෙන්ම සාමාන්‍ය ජනතාවගේද ජීවිත අනතුරේ බව වටහාගැනීම සහ ඔවුන්ට වටහා දීම කාගේ කාගේත් යුතුකම සහ වගකීම විය යුතුය.














































