ආචාර්ය සිරිල් ගාමිණී පියතුමන් අදට තෙවන දිනටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ ඇත.
පියතුමා මෙලෙස පැමිණෙන්නේ ඔහුට අද (22) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනි සිටින ලෙසට කරන ලද දැනුම් දීමකට අනුවය.
සිරිල් ගාමිණි පියතුමන් විසින් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකළ බව කියන ප්‍රකාශයකට අදාළව ජාතික බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ,මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා සිදුකළ පැමිණිල්ලකට අනුව ප්‍රකාශ සටහන් කිරිම සඳහාය.















































