සුඛෝපභෝගී වාහන 3ක් විකුණා මුදල් වංචාවක් කල පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන ඇත.
බාස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්‌ඨාසය ප්‍රකාශ කළේ එම සුඛෝපභෝගී වාහනවල වටිනාකම රුපියල් කෝටි 9 කට ආසන්න බවයි.
අදාළ සැකකරු මෙම වංචාව සිදුකර ඇත්තේ මීගමුව ප්‍රදේශයේ පුද්ගලයෙකුගේ ලක්ෂ 450ක් වටිනා සුඛෝපභෝගී ජිප් රථයක්, අතුරුගිරිය ප්‍රදේශයේ පුද්ගලයෙකුගෙන් ලක්ෂ 225ක් වටිනා සුඛෝපභෝගී කැබ් රථයක් මෙන්ම ජාඇළ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුගෙන් රුපියල් ලක්ෂ 185ක් වටිනා සුඛෝපභෝගී මෝටර් රථයක් විකුණා මුදල් ලබාදෙන බවට පොරොන්දු වී එම මුදල් ලබා නොදීමෙනි.
පොලිසිය ප්‍රකාශ කලේ අදාළ සැකකරු එම වාහන විකුණා ඇතත් වාහන හිමිකරුවන්ට මුදල් නොදී විශ්වාසය කඩකර ඇති බවයි.
එම සැකකරු වයස අවුරුදු 43ක රාගම ප්‍රදේශයේ පදිංචිකරුවකු බව අනාවරණය වී ඇත.
















































