හතරවැනි තට්ටු ඕනෑම ගොඩනැගිල්ලක තිබේ. සියලුම හතරවැනි තට්ටුවලින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තිබෙන හතරවැනි තට්ටුව විශේෂ තට්ටුවකි. ඒ එය අපරාධ කරුවන්ට දඬුවම් දීම වෙනුවෙන් පරීක්ෂණ කරනා කවුරුත් දන්නා තවත් හතරවැනි තට්ටුවක් බැවිනි.
පොලිස් දෙපාර්තමේන්තුවේ හතරවැනි තට්ටුව නොහොත් එය පිහිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කාලයක් තිස්සේ අවභාවිතයට පත්වන්නේ එම ආයතනයද දේශාපලන ඕනා, එපාකම් කිරීම සදහා තෝතැන්නක් බවට පත්කරගත් බැවිනි. එය එසේම සිදු වූ බවටත්, ඒවා රටට හොරෙන් සිදුවන බවටත් අපට පෙනුණු හොඳම සිද්දිය නම් එහි සිටි අධ්‍යක්වරයෙක් වන ශානි අබේසේකරගේ සහ රන්ජන්ගේ හඬ පට සිද්ධියයි. එහිදී අධිකරණ විනිසුවරුන් පවා බිලි බා ගැනීමට තම බලය භාවිතා කරනා ආකාරය අප මැනවින් දුටුවෙමු. ඇසුවෙමු. අපට හිතන්නට තිබෙන්නේ එක දෙයකි. එනම් අපට නොපෙනී තව කොපමණ දේවල් වෙනවා ඇතිද? යන්නයි.
මෙම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමහර නිලධාරීන් විවිධ වැරදි වැඩ කරනා බව දිනෙන් දින වාර්තා වේ. ඒ අතරේ වාර්තා වන්නේ මෙම දුෂිත නිලධාරීන් පරීක්ෂණ සිදුකරනුයේ නිවැරදිකරුවන් වැරදි කරුවන් කරමින් බවයි. එවැනිම සිද්ධියක් පසු ගියදා මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාටද සිදුව තිබුණි. ඒ එක්තරා සහකාර පොලිස් අධිකාරිවරයෙක් ඔහුට විරුද්ධව කතා කරමින් චුදිතගේ වාසිය වෙනුවෙන් කතා කිරීමයි.
කෙසේ නමුත් මෙම ආයතනය වෙත ගොස් සමහර කරුණු වෙනුවෙන් යුක්තිය ඉටු කරගැනීමට නම් මුදල් තිබිය යුතු බව කිය වේ. මූල්‍ය ගනුදෙනු සම්බන්ධයෙන් යම් විමර්ශනයක් සාධාරණ ලෙස ඉටුකර ගැනීමට නම් එහි සිටින දම්සක් කෙනෙකුට පඬුරු ටිකක් වැඩියෙන් තැබිය යුතු බව කිය වේ. කෝටි ගණන් වංචා පිලිබඳව යොමුකෙරෙන පැමිණිලිවලට යන පැමිණිලි නිසි ලෙස විභාග කරගැනීමට යන පුද්ගලයන්ට එය නිසි ලෙස විභාග කරගැනීමට අවශ්‍ය නම් පඬුරු රැගෙන නීතිඥ කාර්යාලයකට යාමට සිදුවන බව කිය වේ. එහිදී එම ආයතනයට මුදල් ගෙවා අවශ්‍ය නීතිමය උපදෙස් ලබා ගත යුතු බවත් එහි තබන පඬුරුවලින් කොටසක් නීතිඥ කාර්යාලයෙන් අදාළ නිලධාරියාට ලැබෙන බවද කිය වේ.
එසේ මුදල් ලබා ගත්තත් එහි කනගාටු දායක තත්වය වන්නේ විමර්ශනය කරනා නිලධාරීන්ටද පරීක්ෂණ කිරීමට සිදුව තිබෙන්නේ ඉහතින් සඳහන් කල උසස් පොලිස් දෙවියාට අවශ්‍ය ආකාරයටය. එය එසේ නොවුනහොත් අදාළ නිලධාරියාට එරෙහිව පරීක්ෂණයක් දැමීම සහ ස්ථාන මාරු කිරීම් කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේම සමහර පොලිස් ලොක්කෝ සහ පොඩ්ඩෝ ප්‍රකාශ කරයි.
ඒ අතරේ තවත් පැත්තකින් වාර්තා වන්නේ සමහර වංචාවල් වල ලිපි ගොනු යට ගසන බවයි. එය සාමාන්‍ය පොලිස් ස්ථානවලත් ඕනා තරම් සිදු වේ. පැමිණිල්ලක් යෙදු විට ඒවාට ගත් ක්‍රියාමාර්ග නැති, විභාගත් නොවූ පැමිණිලි ඕනා තරම් තිබේ. මේ හතරවැනි තට්ටුවේ සිදුවන එක්තරා පරීක්ෂණයකට අදාළ පරීක්ෂණ අවසන්ව තිබුනත්, එම විමර්ශන අවසන්ව චුදිතය්නට එරෙහිව නඩු පැවරීමට තිබු නමුත් පැමිණිලිකරුවන් වැරදි කරුවන් වී, වැරදි කරුවන් පැමිණිල්ල වෙමින් තිබෙන්නේද අප ඉහත සදහන් කල නිලධාරියා නිසා බවද කිය වේ.
ඒ අතරේ මෙම දෙවියා පසු දිනයක් දමාගෙන තවත් උසස්වීමකට සුදානම් වෙමින් සිටිනා බවද වාර්තා වේ. මොහුගේ මෙම ක්‍රියාන්විතයට මුහුණ දී සිටින්නේ දමිල සහ මුස්ලිම් ව්‍යාපාරිකයන් වීමද විශේෂත්වයකි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මළගම ලියවෙමින් තිබෙන්නේ දේශාපාලනය නිසාය. මහජනතාවගේ වටිනාම ආයතනයක් වූ එම ආයතනය විනාශවීම, එයට තිබු භිය නැතිවීම අප රටක් ලෙස ලැබූ තවත් භයානක පරාජයකි. ඒ අතරේ මෙවැනි නිලධාරීන් තිබෙන තත්වයද අහිමි කිරීමෙන් සිදුවන්නේ ඔවුන්ගේ පාරේ යන අනෙක් පරපුරද දිගින් දිගටම මෙම ආයතනය විනාශ කරනා බවයි. අප මේවා මීට පෙරද පෙන්වා දී තිබේ.
ඒ ආකාරයෙන්ම විනාශ වෙන විශේෂ කාර්ය බලකායද මහජන අපේක්ෂාවෙන් ඉටුකිරීමේ කාර්ය වෙනුවට අපරාධ මැඩලීම වෙනුවෙන් යොදා ගැනීම එම ආයතනයට සිදුකරන ලද බලවත් හානියකි. අපරාධ වැඩි වන්නේ පොලිස් දෙපාර්තමේන්තුවේ සමහර නිලධාරීන්ගේ වරදිනි. ප්‍රථමව එය නිවැරදි කල යුතුය. ඔවුන්ගේ වරදින් බිහිවන අපරාධකරුවන් මැඩලීමට වැදගත් ආයතන යෙදීමෙන් කිසිම දිනයක අපරාධ අවසන් කිරීමට නොහැකිවනු ඇත.එයින් සිදුවන්නේ අපරාධ තාවකාලිකව පමණක් අඩු වීම පමණි. යහපත් රටක් අවශ්‍ය අප එම ආයතන බිද වැටීම ගැන ඇත්තේ බලවත් කම්පාවක් පමණි. එවැනි ආයතන සිවිල් සමාජයෙන් ඉවත්කර තැබිය යුත්තේ ඔවුන් අතින් බැරිවීමකින් හෝ සිදුවන වරදින් සිවිල් සමාජයේ ගරුත්වය අහිමි වන බැවිනි.















































