කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඇතුළු 17 දෙනෙකුට විදෙස් ගමන් තහනමක් පනවා තිබෙනවා.
කොටුව මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය ලබා දුන්නේ පසුගිය 9 වැනි දා කොළඹ ගෝඨාගෝගමට සහ මයිනාගෝගමට එල්ල කළ ප්‍රහාරය සම්බන්ධයෙන් අගතියට පත් පාර්ශව සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් ඉදිරිපත් කළ පෙස්සමක් විභාගයට ගනිමින්.
මෙලෙස විදෙස් ගමන් වාරණයක් පැනවූ අනෙක් පුද්ගලයන් වන්නේ, හිටපු අමාත්‍යවරුන් වන ජොන්ස්ටන් ප්‍රනාන්දු, පවිත්‍රා වන්නිආරච්චි, රෝහිත අබේගුණවර්ධන, සී.බී රත්නායක, නාමල් රාජප්ක්ෂ, සනත් නිශාන්ත, යන අය යි. මීට අමතර ව බස්නාහිර පළාත භාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන්ට ද විදෙස් ගමන් වාරණයක් පැනවී තිබෙනවා.














































