රටක් දියුණු වන විවිධ අකාරයෙන් නීති රෙගුලාශි සැකසෙන්නේ එම සමාජය සාමකාමිව පවත්වාගෙන යාමටයි. නමුත් අප රට දියුණු වෙමින් පැවති රාජ්‍යක් ලෙස අවුරුදු ගනනාවක්ම පැවති අතර මේ වන විට බන්කොලොත්ම රාජ්‍යයකි.
ළමා හිමිකම් , මානව හිමිකම් ආදී නීති රීති පද්ධතියක්ම මෙරට තුල ස්ථාපනය වී තිබේ. නමුත් එම නීතින් බොහොමයක් ක්‍රියාත්මක වුයේ නැති බැවින් අද ශ්‍රී ලංකාව අන්ත දුප්පත්ම රාජ්‍යක් බවට පත්ව මිනිසුන් කුපිත වී තිබේ. ඒ පාලකයන්ගේ සහ තීරකයන්ගේ වරදිනි.
මේ පසුගිය දිනවල සමාජ මාධ්‍ය තුල සරි සරු ජයාරූප ගනනාවක් විශේෂ අවස්ථා කහිපයක් සහ එක් දියණියකගේ වීඩියෝ එකකි.

පට්ටියවත්ත ගෑස් පෝලිමට උදෑසනම පැමිණි තම පියා මේ කුඩා දරුවා පෝලිමේ තබා වැඩට යන්නේ ළමයින්ට කන්න දෙන්න අවශ්‍ය නිසාය. තවත් අත දරුවෙකු නිසා මවට පැමිණීමට නොහැකි නිසා මේ දරුවා ගෑස් පෝලිමේ සිට තවත් අයගේ උදව් ඇතිව අමාරුවෙන් ගෑස් එකක් ලබාගෙන තිබේ. පසුව පියා ඇවිත් දරුවා රැගෙන ගොස් ඇති අතර මේ කුඩා දරුවාගේ වයස අවුරුදු 9 ක් වත් නැතිබව සදහන්ව තිබේ.

තෙල් පෝලිමේ ඉන්න තාත්තාගේ වාහනය තල්ලු කරන වැඩකාරයෝ.
පුංචි දරුවෝ කොහොමත් වැඩට කැමතිය. සැප වින්දත් උන්ගේ අවශ්‍යතාවය ඉගෙන ගැනීමටයි. සෙල්ලම, කුමක් දෙයක් අත් හදා බලමින් දෙයක් ඉගෙන ගැනීමට කොහොමත් පුංචි අයට අවශ්‍යයි. ඔවුන් වැඩි වියට පත් වූ විට රටේ සම්පත් බවට පත් වේ. පියාගේ රථය පියා සමග එක්ව තල්ලු කරන පැටව් දෙන්නත් මතු දිනයක රටට වැඩදායි සම්පත් වනු ඇත.
විභාග ශාලාවල් ජලයෙන් යට වූ අවස්ථා අප මීට පෙර දැක තිබුනේ නැත. මේ ඊයේ විභාගයට ගිය පුංචි එවුන් විභාගය ලියු අයුරුය. ජලයේ සිට පැය කිහිපයක් විභාගය ලියු මේ දරුවන්ද මෙරට ඉතිහාසගත වන දරුවන් වේ.

අනාගත ලෝකයේ මෙන්ම වර්තමාන ලෝකයේද සමාජ අසාධාරනකම්වලට හේතු වුයේ සමාජයමයි. ඒ අසාධාරනකම් වලට එරෙහිවන පුරවැසියන් බිහිවන්නේ කුඩා කල ලබන අත් දැකීම වලිනි. ඔවුන්ගේ පෞරුෂත්වය ගොඩනැගෙනුයේ කුඩාකල සිටමයි. මේ වීඩියෝ එකේ දියණිය මේ පුරුදු වන්නේ අනාගත වෙනුවෙනි. වර්තමාන සමාජයේ තිබෙන පීඩාව ඇය අත් විදිමින් වැඩිහිටියන් සමග එක්ව එය වචන වලට ගලපන්නේ ඇය දුටු සත්‍ය වේ.
එකම රටක ඉරණම් සහ විවිධ අවස්ථා අපට ඕනා තරම් දැකිය හැකි අතර අප ඒවා ග්‍රහණය කර ගත යුත්තේ සමාජීය පාඩම් ලෙසයි.














































