හෙට ලංකාව පුරා සෞඛ්‍ය සේවා වෘත්තිය සමිති එකමුතුව විසින් කරුණු 8ක් මුල් කර ගෙන හෙට උදැසන 8 .00 සිට 1200 දක්වා වැඩවර්ජනයක් සහ උද්ඝෝෂණය පැවත්විමට නියමිතව ඇති බව සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුව ප්‍රකාශ කර තිබේ.
එම කරුණු 08 වන්නේ,
* ඖෂධ හා උපකරණ ,හිඟය කඩිනමින් පියවා ගැනිම සහා ශල්‍යකර්ම විදිමත්ව සිදු කර ගැනිම
* අසාධාරණ ලෙස ඉහල දැමු බැංකු පොලි අනුපාත පහල දමා ගැනිම
* කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ රුක්ශාන් බෙල්ලන ජාතික රෝහලෙන් ඉවත් කර ගැනිම
* සියලු සෙවකයින්ට උද්දමන හා ප්‍රවාහන දිමනාවක් ලබා ගැනිම
* සෞඛ්‍ය සේවක හිඟය පියවා ගැනිම හා ස්ථාන මාරු විදිමත්ව සිදු කර ගැනිම
* අසාධාරණ බදු ප්‍රතිපත්ති ඉවත් කර ගැනිම
* අතිකාල සිමා කිරිමේ චක්‍රලේඛය ඉවත් කර ගැනිම
* දින 5 වැඩ සතිය ලබා ගැනිම
මෙහිදී ඔවුන්දු වැඩි දුරටත් ප්‍රකාශ කර තිබෙන්නේ, හෙට සිදු කරන මෙම වැඩවර්ජනය හා උද්ඝෝෂණය පවත්වා රජය දැනුවත් කිරිමක් කරන බවත් ගැටලුවලට විසඳුමක් නොදුන්නොත් ඉදිරියේ දී අඛණ්ඩ වැඩවර්ජන සහ දැවැන්ත විරෝධතා පවත්වන බවයි.














































