ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය විසින් ඊයේ (23) සිදුකළ වැටලීමකින් රුපියල් එක්කෝටි හැට ලක්ෂයක පමණ වටිනා හෙරෝයින් තොගයක් අත්අඩංගුවට ගෙන ඇත.
අදාළ හෙරොයින් තොගය අඹුසැමි යුවළක් සතුව තිබියදී මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් සතුව තිබී සොයා ගන්නා ලද හෙරෝයින් ප්‍රමාණය ග්‍රෑම් 855ක්.
අත්අඩංගුවට ගත් පිරිමි පුද්ගලයා වයස අවුරුදු 37 හැවිරිදි දෙහිවල, ගල්කිස්ස මහ නගර සභාවේ කම්කරුවෙක් බව වාර්තා වේ.














































