කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාව ඔහුට එරෙහිව තිබූ චෝදනාවලින් නිදොස්කොට නිදහස් කරන ලෙස අද (18) නියම කර ඇත.
ඔහුට එල්ලව තිබූ චෝදනා වශයෙන් පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවන බවට ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදී ත් එය වැළැක්වීම සඳහා ක්‍රියාමාර්ග නොගැනීම තුළින් රාජකාරි පැහැරහැරීම ඇතුළු චෝදනා කිහිපයකි.
අද (18) මෙම තීන්තුව ලබා දෙන ලද්දේ නාමල් බලල්ලේ, ආදිත්‍ය පටබැඳිගේ සහ මොහොමඩ් ඉර්ෂඩීන් යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසිනි.














































