13 වන ව්‍යවස්ථා සංශෝධනය මුළුමනින් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නම් වහා ජනාධිපතිවරණයක් කැඳවා ජනවරමක් ලබාගත යුතු බවට පැපිලියාන සුනේත්‍රා දේවී පරිවේණාධිපති මහාචාර්ය පුජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි පැවසූ බව වාර්තා වේ.
උන්වහන්සේ පෙන්වාදෙන්නේ පවතින ජනවරම තුළ එවැනි ව්‍යවස්ථා සංශෝධනයක් ක්‍රියාත්මක කිරීමට කිසිදු අවස්ථාවක් නොමැති බවයි.
කොළඹ පැවැති ආගමික උත්සවයකට එක්වෙමින් මහාචාර්ය පුජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි මෙම අදහස් පළ කළේය.
“ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත්කරලා, 13 වන ව්‍යවස්ථා සංශෝධනය මුළුමනින් ක්‍රියාත්මක කිරීම සඳහා මට බලය දෙන්න කියලා ජනතාවගෙන් බලය ඉල්ලන්න. එතකොට ජනතාව ඔහුට බලය දෙන්න සුදානම් නම් ඔන්න ඔහුට අයිතිය තියෙනවා එය ක්‍රියාත්මක කරන්න එතෙක් කිසිදු අයිතියක් මේ ජනවරම තුළ නෑ කියන එක අපි මතක් කරන්න ඕනේ. මේකේ ඇවිල්ලා ඉන්නේ ආණ්ඩුවේ මන්ත්‍රීවරු ඔක්කෝම මේ රට හදන්න ගෝඨාභය ජනාධිපතිවරයා ට සහය දෙන්න කියලා අපි කියලා පත්කරපු මිනිස්සු. තාමත් අපේ රටේ සමහර හාමුදුරුවරු කුඩු කෑවා වගේ නිහඬව මේ ව්‍යවසනය ඉදිරියේ බලාසිටීම අපිට කොහෙත්ම අනුමත කරන්න බෑ.”













































