ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ රියදුරු හා කොන්දොස්තරවරුන් 1300 කට ආසන්න පිරිසක් බඳවා ගැනීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ .
මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපති ලලිත් ද අල්විස් මහතා ප්‍රකාශ කළේ මණ්ඩලයේ ඩිපෝ 107 ම ආවරණය වන පරිදි මෙම පත් කිරීම සිදු කරන බවත් , ඒ සඳහා අයදුම්පත් භාර ගැනීම ආරම්භ කර ඇති බවත්, රියදුරන් 912 කුත් කොන්දොස්තරවරුන් 381 කුත් බඳවා ගන්නා බවත්ය .
එමෙන්ම දැනට දිවයින පුරා ධාවනය කරන බස් රථ 4700 ක සංඛ්‍යාව 5300 ක් දක්වා ඉහළ නැංවීමට බලාපොරොත්තු වන බවත් ඔහු සඳහන් කර තිබේ .
ඒ අනුව කොළඹ ප්‍රාදේශිකය සඳහා රියදුරු කොන්දොස්තරවරුන් 157 ක් , කළුතර ප්‍රාදේශිකය සඳහා 96 ක් , ගම්පහ ප්‍රාදේශිකය සඳහා 96 ක් , වයඹ ප්‍රාදේශිකය සඳහා 117 ක් , සබරගමුව ප්‍රාදේශිකය සඳහා 115 ක්, මහනුවර ප්‍රාදේශිකය සඳහා 110 ක් , නුවරඑළිය ප්‍රාදේශීය සඳහා 71 ක් , රුහුණු ප්‍රාදේශිකය සඳහා 114 ක් , රජරට ප්‍රාදේශීකය සඳහා 125 ක් , ඌව ප්‍රාදේශීකය සඳහා 98 ක් , උතුරු ප්‍රාදේශිකය සඳහා 98 ක් , නැගෙනහිර ප්‍රාදේශිකය සඳහා 96 ක් බඳවා ගැනීමට නියමිතව තිබේ.














































