ඊයේ (10) දින යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් 17 දෙනකු විවිධ මත්ද්‍රව්‍ය හා මත්පෙති සමග පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තාවේ.
ඔහුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ යාපනය නගරයේ සිට අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය වෙලදකුගේ පාපොච්චාරණයක් මත, සිසුන්ගේ නේවාසිකාගාර පරීක්ෂා කිරීමෙන් අනතුරුව බව වාර්තා වේ.
එම පරීක්ෂාවෙන් විවිධ මත්ද්‍රව්‍ය හා මත්පෙති විශාල ප්‍රමාණයක් නේවාසිකාගාර තුල තිබී සොයා ගෙනතිබේ.
එම විශ්ව විද්‍යාලයේ පීඨාධිපති වරයා පවසා ඇත්තේ දැනට මෙම සිසුන්ගේ විභාග කටයුතු සිදු කරන බැවින් ඉන් පසුව ඔහුන් වෙනුවෙන් පරීක්ෂණයක් පවත්වා අදාළ ඔහුනට නිසි පියවර ගන්නා බවයි.














































