තම තනතුර නොහොත් , මහජනතාව විසින් ලබා දී තිබෙන තනතුර දූෂිත ආකාරයෙන් භාවිතා කරන්නේ නම් ඔවුන් රාජ්‍ය සේවයට කිසිසේත්ම සුදුසු නොවේ. පොලිස් නිලධාරීන් එසේ කටයුතු කරන්නේ නම් එය දැඩි භයානක තත්ත්වයකි. ඔවුන් එසේ කටයුතු කිරීම යනු , ඔවුන් පාතාලය හා සමානය. ඔවුන් රාජ්‍ය බලය භාවිතා කරන්නෙ පුරවැසියන්ට එරෙහිව නීති විරෝධී ලෙසය.
ඒ ආකාරයෙන්ම කටයුතු කරන පොලීසියේ 28 කල්ලියක් රත්නපුරේ දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක වන බවත් , ඒ පිළිබඳව පැමිණිලි රාශියක් පොලිස්පතිවරයාට සහ පොලිස් අමාත්‍යවරයාට ලැබී තිබේ. ඒ අතර මෙම කල්ලියට නායකත්වය දෙන රත්නපුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට මේ වන විට ස්ථාන මාරුවක් තිබෙන බව ද එම ස්ථාන මාරුව වෙනස් කර ගැනීම සඳහා විවිධ දේශපාලන බලවතුන් හරහා පොලිස්පතිවරාට බපලෑම් කිරීමට කටයුතු සැකසෙමින් තිබෙන බව ද අප වෙත වාර්තා වේ.
මෙම පොලිස් අධිකාරීවරයා මීට පෙර සබරගමු ජ්‍යෙෂ්ඨ පොලිස්පතිවරයාව සිටි රන්මල් කොඩිතුවක්කු මහතා ප්‍රදේශයෙන් ඉවත් කිරීමටත් පසුගිය දා රත්නපුර දිසාව භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ලියනගේ මහතාත් රත්නපුරෙන් එළවීමටත් අවශ්‍ය සියලු පිඹුරුපත් සකසා තිබුණේ මෙම ජ්‍යෙෂ්ඨ පොලිපතිවරයා සමග මෙම 28 කල්ලි සාමාජිකයන් එකතුවයි.
ඒ අතර ප්‍රධාන ස්ථානයක් අරගෙන තිබුණේ රක්වාන පොලිස් ස්ථානාධිපතිවරයා වන අතර ඊට අමතරව බලංගොඩ , ඕපනායක සහ රත්නපුර මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ඇතුළු දේශපාලඥයින්ගේ බලල් අත් වූ පොලිස් ස්ථානාධිපතිවරුන් සහ දූෂිත ක්‍රියාවල නියැලෙමින් සිටින රත්නපුරේ පොලිස් නිලධාරීන් විශාල ප්‍රමාණයක් නීතිය අකුරටම ක්‍රියාත්මක කරන ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් පලවා හැරීමේ කටයුත්ත දිගින් දිගටම සිඳු කෙරෙමින් සිටී.
රත්නපුර දිස්ත්‍රික්කයේ නීතිය ක්‍රියාත්මක වන ආකාරය කෙසේ ද යත් දැවැන්ත පාරිසරික හානි ගණනාවක් සිදුවන අතර දේශපාලඥයින්ගේ අනුහසින් විවිධ අපචාර ද සිදුවේ. එසේම පසුගිය වර්ෂය වන විට ලංකාවේ ළමා අපයෝජන අතින් ළමුන්ට සිදුව ඇති හානිදායක ක්‍රියාවලින් ශ්‍රී ලංකාවේ තුන්වන දිස්ත්‍රික්කට බවට පත්ව තිබෙන්නේ ද රත්නපුර දිස්ත්‍රික්කයයි. එවන් පසුබිමක් නිර්මාණය වී තිබෙන්නේ මෙම රත්නපුර දිස්ත්‍රික්කයේ සිටින සමහර දේශපාලඥයන්ට අවශ්‍ය ස්ථානාධිපතිවරුන් රත්නපුර දිස්ත්‍රික්කයට පත්කර තිබීමයි.
සමහර පොලිස් අධිකාරීවරුන් ද දිගින් දිගිටම දූෂිත ක්‍රියාවල නියැලෙමින් සිටී.ඒ අතරින් අපට දක්නට ලැබෙන්නේ පොලිස් ස්ථානාධිපති ධූරයේ සිට සහකාර පොලිස් අධිකාරීවරුන් ලෙස පත් වුණු නිලධාරීන් මෙම දූෂණ ක්‍රියාවල නියැලෙමින් සිටින බවයි.
රත්නපුර දිස්ත්‍රික්කයේ තත්ත්වය එසේ වන විට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ ස්ථාන මාරුව වෙනස් කර ගැනීම සඳහා රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන් සෙනවිරත්න වෙත ගොස් තිබේ. ඔහු එකහෙලාම ප්‍රතික්ෂේප කරමින් ඔබට චෝදනා තිබෙන බවත් , ඔබගේ ස්ථාන මාරුව සඳහා මට කතා කළ නොහැකි බවත් ප්‍රකාශ කර තිබේ. එසේම රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහ අමාත්‍ය පවිත්‍රා දේවි වන්නිආරච්චි මහත්මිය හමුවීමට ද ඔහු කටයුතු යොදා තිබේ. නමුත් එතුමිය හමුවූයේ ද නැද්ද යන්න පිළිබඳව අපට වාර්තා නොවන නමුත් ඇය හමුවී ස්ථාන මාරුව අවලංගු කර ගැනීමට ද ඔහු දැඩි වෙහෙසක් ගනිමින් සිටින බව ද අපට වාර්තා වේ.
රත්නපුර දිස්ත්‍රික්කය දිනෙන් දිනම දූෂණය වීමට ඉඩ නොහැරිය යුතුය . රත්නපුර දිස්ත්‍රික්කය බාරව සිටින මහජන නියෝජිතයන්ගේ වගකීම නම් මෙවැනි දූෂිත නිලධාරීන් රඳවා තබා ගැනීම නොව ඔවුන් රත්නපුර දිස්ත්‍රික්කයෙන් පලවා හැරීමයි. එසේ නොමැතිව දිගින් දිගටම තම බලල් අත් ක්‍රමය ක්‍රියාත්මක කරන පොලිස් නිලධාරීන් ස්ථානාධිපතිවරුන් ලෙස පත් කර ගැනීම සහ තමන්ට අවශ්‍ය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් රත්නපුරට කැඳවා ගෙන ඒම තුළින් තම ඡන්ද පදනමට දැඩි හානියක් සිඳු වන බව වටහාගත යුතුය. හේතුව නම් මේ වන විට ලංකාව තුළ පමණක් නොව රත්නපුර දිස්ත්‍රික්කය තුළ පවා පැරණි දේශපාලඥයින්‍ට දැඩි අපකීර්තියක් සහ ඔවුන් ප්‍රතික්ෂේප කරන යුගයක් නිර්මාණය වී තිබෙන බැවින් නීතිය අකුරටම ක්‍රියාත්මක කිරීමට , රත්නපුර දිස්ත්‍රික්කය ආරක්ෂා කර ගැනීමට දැනට සිටින දේශපාලන නියෝජිතයන් සහ නියෝජිතයන්ට සිඳු වේ.
එසේ නොමැති වුවහොත් තමන්ගෙන් මොනාකාරයක වරදානවරප්‍රසාද ලබාගෙන තිබුණත් , දේශපාලඥයන් ලෙස කුමන ආකාරයක රැකී රක්ෂා ලබා දී තිබුණත් එම ඡන්ද පදනම මෙන් 75%ක්ම ඉදිරි මැතිවරණයේ දී ඔවුන්ට අහිමි වන බව ගවේෂණාත්මකව සමාජය දෙස බලන අපට පැහැදිලිවම දක්නට තිබේ. එබැවින් රත්නපුර දිස්ත්‍රික්කය තුළ නීතිය නිසි ආකාරයෙන් ක්‍රියාත්මක කිරීමට වර්තමාන දේශපාලන අධිකාරිය කටයුතු කළ යුතු වන අතර එසේ සිඳු වුවහොත් පමණක් එම දේශපාලඥයන්ගේ අනාගත ඉරණම වර්තමානයේ ආකාරයටම විසදෙනු ඇත.














































