මේ වර්ෂයේ ගත වූ කාලය තුළ පමණක් ඩෙංගූ රෝගීන් 30,000කට අධික සංඛ්‍යාවක් හඳුනා ගත් බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ප්‍රකාශ කළ බව වාර්තා වේ.
මෙම රෝගීන් අතරින් 50%ක් බස්නාහිර පළාතෙන් වාර්තා වන බවත් , ගත වූ කාලය තුළ ඩෙංගු මරණ 15ක් වාර්තා වී ඇති බවත් සඳහන්.
වැඩි දුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය ළහිරු කොඩිතුවක්කු මහතා ,
“මැයි මාසයේ මුල් දින කිහිපය තුළ පමණක් ඩෙංගු රෝගීන් 700කට ආසන්න ප්‍රමාණයක් මුළු දිවයිනෙන්ම වාර්තා වෙලා තියෙනවා. වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වෙන්නේ කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලින් ගම්පහ දිස්ත්‍රික්කයේ මේ වෙද්දි ඩෙංගු දැඩි අවධානම් තත්ත්වයක තමයි තියෙන්නේ. ඊට අමතරව කළුතර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ඩෙංගු අවධානම් තත්ත්වයක් ඇති වෙමින් පවතිනවා. දිවයිනෙන් වාර්තා වන ඩෙංගු රොගීන්ගෙන් 50%කට ආසන්න ප්‍රමාණයක් වාර්තා වෙන්නේ බස්නාහිර පළාතෙන් ඉදිරියේ දී ඇති වෙන වර්ෂා කාලයේදී අනිවාර්යයෙන්ම තවදුරටත් ඩෙංගු රෝගීන් වැඩිවීමක් අපි අපේක්ෂා කරනවා. ඉහළ මට්ටමකින් තමා මේ වැඩිවීම පටන් ගන්නේ. ඒක නිසා මේ තත්ත්වය සමහර වෙලාවට අපි හරියට පාලනය කළේ නැත්නම් සමහර විට වසංගත තත්ත්වයකට පරිවර්ථනය පුළුවන්.”














































