ඉහළ මහවැලි පෝෂක ප්‍රදේශයට ඇදහැලෙන අධික වැසි හමුවේ පොල්ගොල්ල මහවැලි වේල්ලේ තවත් වාන් දොරටු 02 විවෘත කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව මේ වනවිට විවෘත කර ඇති සමස්ත වාන් දොරටු සංඛ්‍යාව 04කි.
ඊයේ (27) පස්වරුවේ සිට ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව නිසා ඇතිවිය හැකි ගංවතුර තත්ත්වය පාලනය කිරීමට පොල්ගොල්ල මහවැලි වේල්ලේ වාන් දොරටු මෙලෙස විවෘත කිරීමට පියවර ගෙන තිබේ.
මෙමගින් තත්ත්පරයට ඝන අඩි 7,000ක ජල ධාරිතාවක් පහළ වික්ටෝරියා ජලාශයට මුදාහැරෙන බැවින් වේල්ලෙන් පහළ මහවැලි ගඟ පරිහරණයේදී වඩාත් සුපරික්ෂාකාරී වන ලෙසට පොල්ගොල්ල මහවැලි වේල්ල කාර්යභාර ඉංජිනේරු කාර්යාලය ජනතාවට දැනුම්දී තිබේ.














































