පාසල් දරුවන් ප්‍රවාහනය කරන බස් රථ ,වෑන් රථ ප්‍රවාහනයට සුදුසු තත්ත්වයේ තිබෙනවාද යන්න සොයා බැලීම සදහා ශ්‍රී ලංකා මෝටර් රථ දෙපාර්තමේන්තුවේ නිලධාරින් පිරිසක් අනුරාධපුර නගරයේ සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇති අතර එහිදී ධාවනයට නුසුදුසු,කාර්මික දෝෂ ඇති බස් රථ 65ක් ධාවනයෙන් ඉවත් කිරීමට පියවර ගනු ලැබූ බවට වාර්තා වේ.














































