English
සිංහල
14:34 අඟහරුවාදා, ජූනි 23, 2026
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    හොර රහසේ විවෘත වන වෛද්‍ය අධ්‍යාපන කඩ පිළිබඳ හෙළිදරව්වක්.

    Ravana by Ravana
    වසර 4ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    “ශ්‍රී ලංකාවේ නිදහස් සෞඛ්‍ය සේවය සුරකිමු රටට මහත් විපතක් කළ පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපන කඩ ශ්‍රී ලංකාවට එපා” යනුවෙන් ලිපියක් රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය ලේකම් ප්‍රේම් කුලතිලක විසින් සමාජ මාධ්‍යට නිකුත් කර ඇත.

    එම ලිපියෙන් පෙන්වා දී ඇත්තේ පාලකයින්ගේ නොසැලකිල්ල නිසා ඖෂධ සහ ආහාර හිඟ වී සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට බාධා එල්ල වී ඇතත් ශ්‍රී ලංකාව ආසියානු කලාපයේ සෞඛ්‍ය දර්ශක අතින් ඉන්දියාවට වඩා ඉහළ ස්ථානයක සිටින රටක් බවයි.

    ඒ මේ රටේ නිදහස් සෞඛ්‍ය සේවය සහ නිදහස් අධ්‍යාපනය ඒ තුළින් බිහිවන දක්ෂ දරුවන්ගේ ආගමනය හේතුවෙන් වීම බව බොහෝ දෙනා අමතක කර ඇති බවත් එවන් පසුබිමක අපේ රටේ පාලකයන් වැඩිදුර ප්‍රතිකාර සඳහා සිංගප්පූරුවට යනු මිස ඉන්දියාවට යන බවක් අප අසා නැති බවත් එහි ලේකම් පෙන්වා දී ඇත.

    “එසේම ලෝකයේ වැඩිම පෞද්ගලික වෛද්‍ය විද්‍යාල සංඛ්‍යාවක් එනම් 550ක් පමණ ඇති ඉන්දියාව සෞඛ්‍ය දර්ශක අතින් සිටින්නේ අපේ රටට පහළින් බව අමතක කර ඇත.

    එසේම ලෝකෙන්ම වැඩිම වෛද්‍ය විද්‍යාව ඉගෙන ගැනීම සඳහා පිටරටට ඇදී යන සිසුන් සංඛ්‍යාවක් සිටින්නේ ද ඉන්දියාවේ වන අතර මෑතක කොරෝනා සහ වඳුරු වසංගතය ඉන්දියාවට ගෙනාවේ ද ඉන්දියානු වෛද්‍ය ශිෂ්‍යයන් දෙදෙනෙකි.

    ඉන්දියාවේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල සුදුසු නම් ඉන්දියානු සිසුන් ඉගෙනීම සඳහා විදේශගත වන්නේ නැත

    එසේම ලෝකයේ ඉහළ සෞඛ්‍ය පහසුකම් තිබෙන රටක් වන සිංගප්පූරුව තම රටේ පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනය සඳහා ඉඩ දී නැත

    එවන් පසුබිමක රාගම වෛද්‍ය පීඨයෙන් සයිටම් පෞද්ගලික උපාධි කඩයෙන් පාඩම් ඉගෙන නොගත් තක්කඩි දේශපාලඥයන් හා ඔවුන්ගේ අනුදැනුම මත ලයිසියම් පෞද්ගලික අධ්‍යාපන ආයතනය මගින් නැවතත් එවැනිම උපාධි කඩයක් දැමීමට උත්සාහයක් දරනු බව මේ වන විට පෙනී ගොස් ඇත

    එසේම පහුගිය පාඩම් වලින් ඉගෙන ගෙන මේ වන විට ඔවුන් සිය උපාය මාර්ග වෙනස් කරමින් සිටින බවක්ද අප හට පෙනී ගොස් ඇත

    අදාල අනුමැතිය ඉල්ලීම රාජ්‍ය ආයතන වෙත පළමුව කරන ඉල්ලීම පසෙක දමා ඒ වෙනුවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළු ආයතන වෙත අදාල ඉල්ලීම් ඉදිරිපත් කර ඇති බව අපහට දැනගන්නට ලැබී ඇත

    ශ්‍රී ලංකික ශිෂ්‍ය ව්‍යාපාරය සහ නිදහස් අධ්‍යාපනය සහ නිදහස් සෞඛ්‍ය සේවය ආරක්ෂාව කිරීමට එහි ප්‍රතිලාභ භුක්ති විඳි අප අනාගත පරපුරට එහි ප්‍රතිලාභ අත්කර දීම වෙනුවෙන් මේ රටේ නිදහස් අධ්‍යාපනය සහ නිදහස් සෞඛ්‍ය සේවය වනසන අදාළ පෞද්ගලික උපාධි කඩයට එරෙහිව මින් පෙර රාගම වෛද්‍ය පීඨය සහ සයිටම් උපාධි කඩය මෙන් මේ රටේ ශිෂ්‍ය ව්‍යාපාරය සමග එක්ව කටයුතු කරන බව දැන්වීමට කැමැත්තෙමු

    එය අපගේ පුද්ගලික හෝ දේශපාලන අරමුණක් මත නොව මේ රටේ නිදහස් සෞඛ්‍ය සේවය සුරැකීමේ සැබෑ වුවමනාවෙන් බව අවධානය යොමු කරනු කැමැත්තෙමු

    රාගම වෛද්‍ය පීඨය ජනසතු කිරීමට කටයුතු කිරීමේදී ත්‍රීමාවිතාන ඇතුළු දක්ෂ වෛද්‍ය සිසුන් විශාල පිරිසක් රටට අහිමි වූ අතර, සයිටම් ආයතනය අහෝසි කිරීමේ දී මේ රටේ ශිෂ්‍ය ප්‍රජාව සමග එක්ව ඔවුන්ගේ දෙමාපියන් මේ රටේ බහුතර ජනතාව ඒ වෙනුවෙන් කටයුතු කළ අතර , ඉදිරියේදීත් අනිවාර්යෙන්ම ශිෂ්‍ය ප්‍රජාව සමඟ එක්ව එවැනි කුමන ආකාරයක හෝ මෙරට සෞඛ්‍ය සේවය විනාශ වන කිසිවකට ඉඩ තැබීමට අප ඉඩ නොදෙමු

    එසේම මේ වන විට තැටිය රත් වෙච්ච වෙලාවේ රොටිය පුච්චා ගන්න ට උවමනා අයුරින් මේ වන විට අදාළ ආයතනය කටයුතු කරන බව පෙනී යයි.

    ලෝකයට සාපේක්ෂව අපේ රටේ වෛද්‍ය හිඟයක් නැත මීට පෙර වෛද්‍ය සභාවෙන් ලබාගත් තොරතුරු මත හා ඉන් අනතුරුව මෙරට වෛද්‍ය පීඨ වලින් බිහි වූ වෛද්‍යවරුන් සංඛ්‍යාව එකතු කළ විට මේ වන විට 35000 ඉක්මවා සිටී එසේම රටේ වෛද්‍ය පීඨ තුළ 12000කට අධික සිසුන් සංඛ්‍යාවක් ඉගෙන ගන්නා අතර ක්‍රමානුකූලව ඔවුන්ද රාජ්‍ය සේවයට එක් වෙමින් සිටින පසුබිමක බොරු වෛද්‍ය හිඟයක් සහ විදේශ විනිමය හිඟයක් මවා පාමින් කටයුතු කරන බව පෙනේ

    මීට පෙර ඔවුන්ට එසේ කීමට හැකියාවක් තිබුණත් දැන් එය එසේ කීමට හැකියාවක් නැත මක් නිසාද යත් මුදල් ගෙවා ඉගෙනීමට රාජ්‍ය වෛද්‍ය පීඨයක් එනම් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය තුල ඇත

    එයට මේ රටේ උසස් පෙළ සමත් සිසුන්ට විදේශයන්ට මුදල් නොගෙවා තම රට තුළ ඉගෙනීමට හැකියාවක් පසුබිමක් මේ වන විට සැකසී ඇත

    හැමදාම කියන සටන් පාඨය මෙන් දක්ෂ දරුවන්ට වෛද්‍යවරයෙක් වීමට එවැනි අවස්ථාවක් දැන් ඇත

    එසේම පසුගිය කාලයේ සයිටම් ආයතනයේ අති දක්ෂයන් සිටින්නේ යැයි කියමින් පාරම්බෑ සයිටම් උපාධි කඩය තුළ උසස් පෙළ අසමත් සිසුන් තිස් පස් දෙනෙක් සිටි බව කීවේ දිනමිණ රාජ්‍ය පුවත්පතයි

    එසේම රට සතු ජාතික දේපලක් වන හම්බන්තොට වරාය විකුණා එයින් ලැබෙන මාසික ආදායමට වඩා වැඩි මුදලක් එම සයිටම් ආයතනය සතු නෙවිල් ප්‍රනාන්දු රෝහලට ලබාදීමට පසුගිය සහ වත්මන් පාලකයන් කටයුතු කරමින් සිටින බව රටට රහසක් නොවේ

    එහෙත් මාසිකව කෝටි 25 කට ආසන්න මුදලක් පුද්ගලික රෝහලක් වෙත ලබා දෙන වත්මන් පාලකයන් කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ අහිංසක රෝගී දරුවන්ට ලබාදෙන ඖෂධ වෙනුවෙන් හිඟ මුදල් වශයෙන් කෝටි 25 ක් ලබාදීමට අපෝහසත් වීම නිසා ළමා රෝහල තුළ උග්‍ර බෙහෙත් හිගයක් ද මතුව ඇති අතර එම රෝගී දරුවන්ට ප්‍රෝටීන සහිත ආහාරයක් ද ලබා දෙන්නේ නැත

    එවන් පසුබිමක කෝටි ගණන් මුදල් වියදම් කරමින් උසස් පෙළ සමතුන් ගේ ප්‍රතිඵල පෙන්වමින් දේශපාලනඥයන්ගේ හා මේ රටේ ජාතික ධනය සූරාගෙන කන අයගේ උසස් පෙළ අසමත් දරුවන් හට පුද්ගලික වෛද්‍ය අධ්‍යාපන කඩයක් ලබාදීමට මේ රට මෙතරම් විපතකට ඇද දැමූ දේශපාලනඥයන්ගේ අනුදැනුම මත කවරකු හෝ කටයුතු කරන්නේ නම් එයට එරෙහි වන බව මේ රටේ නිදහස් සෞඛ්‍ය සේවය හා රෝගීන් ගේ ජීවිත රැකගැනීම වෙනුවෙන් රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමයේ අවධානය යොමුව ඇති බව මෙයින් කාරුණිකව දන්වමු.”

    රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය ලේකම් ප්‍රේම් කුලතිලක විසින් මෙම කරුණු ඉදිරිපත් කරමින් පෙන්වා දීමට උත්සහ කර ඇත්තේ තිත්ත උනත් ඇත්තකි.මුදලට වෛද්‍යවරුන් පත්කර අනතුරුව රටේ මිනිස් ජීවිත මරණයට කැප කිරීමට කටයුතු කරමින් සිටින බව ‌මේ වන විට හෙළිදරව් වෙමින් පවතියි.

    කෝටි ගණනින් මුදල් වියදම් කර විදෙස් රටවලින් බෙහෙත් ගන්න පාලකයින් ඉන්න රටේ ජනතාව බෙහෙත් නැතිව මියයන තත්ත්වයක් දැන් උදා වී ඇත.පිළිකා රෝහල අඩපණ වීමේ ලකුණු, ළමා රෝහලේ ප්‍රතිකාර සඳහා බෙහෙත් නැහැ, ජාතික රෝහලේ X-ray ගන්න මැෂින් එක්ක නැහැ.මෙවැනි තත්ත්වයක් තුළ පාලකයින් කෝටි ගණිනින් වියදම් කරමින් සිංගප්පූරුව ආදී රටවලින් ප්‍රතිකාර ලබයි.

    රටේ ජාතික ධනය සූරාකන මෙම කූට ව්‍යාපාරිකයින්ගේ දරුවන්ට වෛද්‍යවරු වීමට කටයුතු කරන මෙම වෛද්‍ය අධ්‍යාපන කඩ ඉදිවීම වැළැක්විය යුතුව ඇත.

    Tags: ප්‍රජා පුවත්විශේෂාංග
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    Uncategorized

    බස් රථ අනතුරකින් අයෙක් මරුට.

    මාර්තු 17, 2024
    Uncategorized

    පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් .

    මාර්තු 16, 2024
    Uncategorized

    අලුතින් ග්‍රාම නිලධාරීන් 2002ක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    පොලිස්පති පත් කිරීමට එරෙහිව FR පෙත්සමක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    දුම්රිය ආසන වෙන් කිරීමේ ගැටලුවක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    බොන්න වතුර නැත්තන් 117ට කියන්න.

    මාර්තු 15, 2024
    Uncategorized

    විද්‍යා පීඨවලට ඇතුළත් වීමට අයදුම්පත් කැදවයි .

    මාර්තු 15, 2024
    Uncategorized

    කෙහෙළියගෙන් මහාධිකරණයට ඇප අයදුම්පතක්.

    මාර්තු 15, 2024
    Uncategorized

    දෙදරා ගිය අනියම් පෙම – දරුවන් දෙදෙනෙකු අනාථ වෙයි.

    මාර්තු 15, 2024
    Uncategorized

    19 වනදා සිට යළිත් සෞඛ්‍ය වර්ජනයක් .

    මාර්තු 15, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version