අසාධාරණ බදු ප්‍රතිපත්තියට සහ ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තීය සමිති කිහිපයක් අද (08) වැඩ වර්ජනයක නිරත වීමට කටයුතු කර ඇති අතර අද (08) පෙරවරු 8 සිට මෙම වැඩ වර්ජනය සිදු කෙරෙන බව වාර්තා කරයි .
සෞඛ්‍ය වෘත්තීය සමිති ප්‍රකාශ කරනු ලැබුවේ මෙම වැඩ වර්ජනය හේතුවෙන් අද රෝහල් වල බාහිර ප්‍රතිකාර අංශය , රසායනාගාර ඇතුළු සේවාවන්වලට බාධා එල්ල විය හැකි බවයි.
වැඩි දුරටත් ඔවුන් සදහන් කරනු ලැබුවේ මෙම ගැටලු සම්බන්ධයෙන් සෞඛ්‍ය ලේකම්වරයා සහ අදාළ වෘත්තීය සමිති සමග සාකච්ඡා පැවැත්වූවද සාධාරණ පිළිතුරක් නොලැබුණු බවයි.














































