සුපිරි වෙළෙඳසැලක ඉදිරිපස වීදුරුව කඩා වෙළද සැලට ඇතුල්වී රුපියල් එක්ලක්ෂ පනස්දහසක පමණ වටිනා කමකින් යුත් භාණ්ඩ සොරාගෙන ඇති බව හොරණ ප්‍රදේශයෙන් වාර්තා වේ.
හොරණ පානදුර මාර්ගයේ පිහිටා තිබු මෙම සුපිරි වෙළෙඳසැලින් මෙම පුද්ගලයා සොරා ගෙන ඇත්තේ දුම්වැටි හා කිරිපිටි බවයි වාර්තාවන්නේ.
සැකකරු විසින් වෙළෙඳසැල තුලට පැමිණ පැයක් පමණ එම වෙළදසැල තුල සිට ඇති බව වෙළදසැලේ CCTV කැමරාවක සටහන්ව ඇතිබව සදහන්වේ.
එම CCTV දර්ශන ඔස්සේ සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිස් විමර්ශන ආරම්භ කොට තිබේ.














































